උණුසුම් පුවත්
Search
under water kiss

පෙම්වතුන්ගේ දිනයේදී ”දිය යට දිගම හාදුව දී” ලෝක වාර්තාවක් තියලා

390

ඊයේට යෙදුණු (14) වැලන්ටයින් දිනයේ මාලදිවයිනේ දී දකුණු අප්‍රිකානු කාන්තාවක සහ කැනේඩියානු ජාතික පුරුෂයෙකු දිය යට දිගම හාදුවට හිමි ගිනස් වාර්තාව පිහිටුවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.

වැලන්ටයින් දිනයට සමගාමීව දිය යට දිගුම හාදුව සඳහා ගිනස් ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ 40 හැවිරිදි බෙත් නීල් පෙම්වතිය සහ ඇගේ පෙම්වතා වන 33 හැවිරිදි මයිල්ස් ක්ලෝටියර් විසිනුයි.

image 141

‘ලක්ස්’ සවුත් එයාර් ඇටෝල් (LUX* South Ari Atoll) නමැති මාලදිවයින් නිවාඩු නිකේතනයේදී දිය යට සිය දෙතොල් වසා විනාඩි 04ක් තත්පර 06ක පමණ කාලයක් සිප ගැනීම සිදු කර තිබේ.

image 142

මින් ඉහත 2010 වසරේදී මිනිත්තු 3 සහ තත්පර 24ක් දිය යටදී සිපගත් මිචෙල් ෆුකරිනෝ සහ එලිසා ලසායිනා යුවල විසින් පෙර මෙම ලෝක වාර්තාව තබා තිබූ අතර එය දැන් බිඳ වැටී ඇත.

image 143

බෙත් හා මයිල්ස් දින තුනක පුහුණුවීම් වලින් පසුව ඔවුන්ගේ වාර්තාව තැබූ බව එම යුවළ පවසා තිබෙයි.

image 144