උණුසුම් පුවත්
Search
Anne

”ණය දෙන්න පාලනයේ දියුණුවක් බලනවා” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් දන්වයි

42

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අදාල මූල්‍ය වැඩසටහන් සඳහා අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන්නන් සමඟ කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, Anne-Marie Guilde-Wolf පවසනවා.

වොෂින්ටන් හි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු ආයෝජන බැංකුව යන ආයතන සමඟ ශ්‍රී ලංකාව හා සම්බන්ධව ඉතා සමීපව කටයුතු කරන බවයි.

අදාළ වැඩසටහන් ශ්‍රී ලංකාවේ මූල්‍ය පරතරය පියවා ගැනීමට උපකාරී වනු ඇති බව කියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධන ගැටලු විසඳීම සඳහා අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන්නන් යටතේ ඇති ප්‍රතිපත්ති, ඔවුන්ගේ විශේෂඥතාවන් වැදගත් වනු ඇති බව සඳහන් කරනවා.

බහුපාර්ශ්වික ණය දෙන්නන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන් මත පදනම්ව ශ්‍රී ලංකාව ණය තිරසාරත්වය කරා ළඟා වන තුරු නව ණය ලබා නොදෙන බව පවසන ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, ණය දෙන්නන් ද පාලනයේ දියුණුවක් අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක සහන පැකේජයක් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති බවත්, නව අරමුදල් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, වෙළෙඳපොළ ප්‍රවේශයකින් තොරව දුප්පත් රටවලට ලබා දෙන ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය සඳහා සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වයේ පහත යාමක් අපේක්ෂා කරන බව අධ්‍යක්ෂිකාව කියනවා.

ලංකාව පසුගිය අප්‍රේල් මාසයේ දී වෙළෙඳපොළ ප්‍රවේශය ප්‍රායෝගිකව පැහැර හැරිය නමුත් වෙළඳපල ප්‍රවේශය මීට පෙර සිට ම අහිමි වූ බවයි ඇයගේ අදහස වන්නේ.