උණුසුම් පුවත්
Search
volga 1 1

”ලිවින් ටුගෙදර් ‘මාර ජීවිතයක්’ කියලා හිතුවට ඒක මාර නෑ” – පෙම්වතාට සල්ලි තියන නිසා ආර්ථික ප්‍රශ්න නැති වොල්ගා කියන කතාව

297

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය මෙන්ම රූපවාහිනී නාලිකා වලත් වොල්ගා කල්පනී ගැන බොහෝ සෙයින් කතාබහට ලක්වුණා. කලා තරු ගෙන්වන වැඩසටහන් වල වොල්ගා ගැන නිරන්තරයෙන් කතා බහට ලක්වීමත් සමඟ මේ බැව් කැපී පෙනුණා. කැපී පෙනෙන රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂක ආදරේ දිනා ගත්තු කලාකාරිනියක් වන ඇය තවමත් සම්මාන වලට හිමිකම් කියන ඒ වගේම සම්මානනීය දක්ෂ රංගන ශිල්පිනියක් කියන දේත් මතක් කළ යුතුමයි.

No photo description available.

ඇයගේ පෞද්ගලික ජීවිතේ යම් යම් හැල හැප්පීම් නිසා ආදරය කියන තැන දී ඇයට විවිධ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.කොහොම නමුත් මේ වෙද්දී සියලු අභියෝග ජයගෙන ඇය සිය ජීවිතය ඉතාම සතුටින්, නිදහසේ, සැහැල්ලුවෙන් ගත කරනවා වගේම ඇය පෙම්වතියක් කියන කාරණයත් ප්‍රසිද්ධ රහසක් කිව්වොත් වරදක් නෑ.

No photo description available.

කලාව තුළම නිරත වෙලා ඉන්න පුද්ගලයෙක් එක්ක තමයි ඇය මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා විවිධ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඇතැමුන් ඔහු ප්‍රකට ගායකයෙක් බවත් සඳහන් කරනවා. ඉතින් ඒ දේවල් කොහොම වුණත් ඇය ආදරේ ගැන ඒ වගේම ඇයගේ ආදරණීය පෙම්වතා ගැන පසුගිය දවසක මේ වගේ කතාවක් කියලා තියෙනවා.

May be an image of 5 people, people smiling and text

“මම මගේ පෙම්වතා එක්ක එක ගෙදර ජීවත් වෙන්නේ. ලිවින්ටු ගෙදර්. ඒක ඇත්ත, ඒක මම හංගලත් නැහැ….. ඒ ක්‍රමය ලංකාවට පටහැණියි. ලිවින්ටු ගෙදර් ජීවිතේ හොඳයි කැමති කෙනෙකුට එහෙම ජීවත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මම පුද්ගලිකව කැමතියි. ඒකට මම විරුද්ධ නැහැ, තව කෙනෙක් ගැන මට කියන්න බැහැ…… ඒ වගේම කියන්න ඕන ලිවින්ටුගෙදර් ජීවීතේ වගකිම් රහිතයි. ඒක මාර ජීවිතයක් කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම්, ඒක මාර නැහැ. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා කෙනෙක් හිතනවා නම් ඒක බොරුවක්….. විවාහ ජීවිතේ වගේම වගකීම් ගොඩක් එක්ක තව කෙනෙක් සමඟ ජීවිතේ බෙදා ගැනීමක් කරන්නේ. බිරිඳගේ වගකීම් සියල්ල ඉටු කරන්න ඕන. මමත් ඒ වගකීම් ඉටු කරමින් සතුටින් ජීවත් වෙනවා…..

මට ආර්ථික ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ මම මහා සල්ලිකාරියක් නෙමෙයි. මට වඩා මගේ පෙම්වතාට හොඳට සල්ලි තියෙනවා. මට වඩා හම්බ කරන්නේ එයා කිවුවොත් හරි…..”

No photo description available.

No photo description available.

Source – Kotuwa pattare