ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් ඔහු නමින් ගයාන් ගුණවර්ධන. ඉතින් ඔහු ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ගයාන් සහ ඔහුගේ පෙම්වතිය පූජනී භාග්‍යාගේ ආදර කතාවත් දැන් නොදන්නා කෙනෙක් නැති තරම්…..
ගයාන් සහ පුජානීත් නිතරම සමාජ ජාලා වල ඔවුන්ගේ ඡායාරූප පළ කරනවා. ගයාන් පූජනී එක්ක ඉන්න එවැනි ඡායාරූප කීපයක් පෙරේදා දින පළ කළා.
හැබැයි මේ ඡායාරූප පෙළේ ගයාන්, පූජනීට අමතරව තව පුංචි අමුත්තෙක් ඉන්නවා. ඒ පුංචි දරුවෙක්…… මේ ඡායාරූප පෙළත් එක්කම ගයාන් අපූරු සටහනක් පළ කරලා තිබුණා. එහි තිබුණේ “පුංචි පවුල රත්තරන්” ලෙසයි.