ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම හෙට (08) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු ඊයේ (07) පස්වරුවේ කියා සිටියා.
කෙසේ නමුත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මීට පෙර පැවසුවේ පසුගිය 05 වැනිදා වන විට ලිට්‍රෝ ගෑස් මිල පහත දමන බවත් එම පහත දැමීම රුපියල් 50කට වඩා වැඩි වන බවත්ය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක් වන ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 50කට වඩා වැඩි මිලකින් පහත යනු ඇතැයි සඳහන් කෙරුණා.
නමුත් සභාපතිවරයා පැවසූ දිනට වඩා දින 02ක් ද මේ වන විට ගත වී තිබෙනවා.
පසුගිය කාලයේ පැවති ගෑස් හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙමින් මේ වන විට දිවයින පුරා ගෑස් බෙදාහැරීම සිදු කරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ.