උණුසුම් පුවත්
Search
litro

ලිට්‍රෝ හිස් ගෑස් සිලින්ඩර මිල ගණන් නිකුත් කෙරේ

351

නව හිස් සිලින්ඩර මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව හිමිකර දීමට ලිට්‍රෝ සමාගම විසින් කටයුතු සූදානම් කර ඇති බව දැනුම් දෙනවා.

ඒ අනුව ගෙවිය යුතු තැන්පතු මිල ගණන් ලිට්රෝ ගෑස් සමාගම විසින් දැනුම් දී තිබෙනවා.

එම එක් එක් මිල ගණන් පහතින්.

2.5Kg – රුපියල් 7000
05Kg – රුපියල් 11 000
12.5Kg – රුපියල් 14 000
37.5Kg – රුපියල් 35 000 ලෙසයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් මීට පෙර පැවති ගෑස් හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙමින් මේ වන විට ලිට්රෝ සමාගම දිවයින පුරා ගෑස් බෙදාදීමේ කටයුතු සිදුකරමින් පවතිනවා.

අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල වැඩි කළ ප්‍රමාණයට වඩා වැඩි ගණනකින් ඉදිරියේ දී ගෑස් මිල අඩුකිරීමට බලාපොරොත්තු වන බවත් අනිවාර්යයෙන්ම අගෝස්තු 05 වනදා එම මිල අඩු කිරීම සිදුකරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියා.

“අපි මීට දින 20කට කලින් කිව්වා වගේම මේ වෙනකොට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂ 22කට අධික ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කරලා ඉවර කරලා තියෙනවා. මේ වෙනකොට අපි පොරොන්දු වුණා වගේම ගෑස් වල තිබුණු ඒ පෝලිම්, තදබදය 100%ක් අවම කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි තවත් කාරණයක් කියනවා නම් ලෝක වෙළඳපොලේ ගෑස් මිල අනුව අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම අගෝස්තු 05 වෙනිදා වෙනකොට ගෑස් මිල අඩු කරන්න. ඒක අපට සහතික කරලාම කියන්න පුළුවන්…. ඒක සුබදායී කාරණයක් වෙයි ජනතාවගේ පැත්තෙන්. මම දැන් කැමති නෑ අඩුකරන මිල හරියටම රුපියල් ගාණකින් කියන්න. හැබැයි මම ඉඟියක් දෙන්නම්, අපි මේ මෑතකදී මිල වැඩිකරපු ගාණට වඩා වැඩි ගාණකින් මිල අඩුකරනවා. අපි රුපියල් 50කින් විතර තමයි වැඩි කළේ ඊයෙ පෙරේදා, හැබැයි ඊට වඩා වැඩි ගාණකින් අනිවාර්යයෙන්ම අඩු කරනවා. සාමාන්‍යයෙන් ඊට වඩා ගොඩක් වැඩි මුදලකින් තමයි අපි අඩුකරන්න බලාපොරොත්තු වෙන්නෙ”

ඔහු මේ බව පැවසුවේ පෙරේදා (01) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.




Leave a Reply

Your email address will not be published.