උණුසුම් පුවත්
Search
kasun madhavee

”ලබන අවුරුද්දේ වගේ අපි එක වහළක් යටට යනවා” – මාධවීව කැන්දන් යන දවස ගැන කසුන් කියයි

913

මේ දිනවල බොහෝ සෙයින් කතා බහට ලක්වෙන චරිත දෙකක් තමයි මාධවී සහ කසුන් කියන්නේ. මාධවී නම් ඇන්තනී පවුලෙන් පැවත එන නිසා, ඈ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන රචකයා පිළිබදව කවුරුත් වැඩිපුර කතා කරන්නට වූයේ ඔහු මාධවී ඇන්තනී සමඟ ප්‍රේම කතාවක් පටන් ගැනීමත් එක්කයි. ක්ශේෂ්ත්‍රයට සමීප කලාකාරයෙක් වන ඔහුව වැඩිපුර ප්‍රේක්ෂකයා අතරට ගියෙත් මාධවී සමගින් ඔහු පටන් ගත්ත ආදර කතාව නිසයි.

May be an image of 2 people, beard, people standing and outdoors

ආදරය තුළින් ජීවිතේ කඩා වැටීම් හමුවේ ඇයට ශක්තියක් වුණු ඔහු කසුන්. ජීවිතයේ තමන්ට කෙනෙක් අවශ්‍යම මොහොතක සෙවනැල්ලක් වගේ ආදරය දුන් කසුන්, මාධවීගේ ජීවිතයට පැමිණීම ඇගේ අප්පච්චී ඇතුළු සිය පවුලේම දැනුවත් වීම යටතේ සිදු වූ දෙයක් කියලයි මාධවී කියන්නේ.

May be an image of 1 person and outdoors

ඒ වගේම මාධවී සහ කසුන් මුණ ගැහෙන්නේත් කලා නිර්මාණ සදහා කතා බහ කිරීමත් එක්කයි. ඒ විදියට මුණ ගැහිලා අද වෙන විට දෙන්නට දෙන්නා සතුටින් ආදරයෙන් කාලය ගත කරනවා. ඉතින් කසුන්, මාධවී පෙම් පුවත, විවාහයක් දක්වා ගෙන යන එක ගැන සාකච්ඡාවකට එක්වෙමින් කසුන් කිව්වේ මෙවැන්නක්.

May be an image of 2 people, beard and outdoors

”ජැක්සන් ඇන්තනී කියන මහා රංගවේදියාගේ හොදම නිපැයුමක් තමයි මාධවී කියන්නේ. ඔහුගේ ඒ නිපැයුමේ භාරකාරීත්වය මට හිමි කරගන්න ලැබීම ලොකු භාග්‍යක්. ඉතින් අපි දෙන්නා ඉක්මනටම එක වහලකට යන්න සූදානම්. ඒක ලබන අවුරුද්දේ වගේ වෙයි.”

මේ විදියටයි කසුන් ඇගේ අනාගත බලාපොරොත්තු ගැන අදහස් දක්වලා තිබුණේ.

May be an image of 3 people, people standing and body of water