මේ දවස් වල සමාජ මාධ්‍ය තුළ වැඩිපුරම කතා බහට ලක්වන චරිතයක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ. ඇයටම ආවේනික වූ කතා විලාසයත් හැසිරීම් රටාවත් ඇඳුම් විලාසිතාත් නිසා කාගේත් අවධානය සහ ආකර්ෂණය දිනාගැනීමට ඇයට පුළුවන් වෙලා තියෙනවා. නිරූපණ ක්ශේස්ත්‍රයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන ඇය බොහෝ මියුසික් වීඩියෝස් හරහා සහ වෙළඳ දැන්වීම් ඔස්සේ අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඒ වගේම තමයි ඇය photoshoot සඳහාත් සිය දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ දවස් වල ලොලියා නම් රූපලාවණ්‍ය නිෂ්පාදනයේ ප්‍රචාරක කටයුතු සඳහා ඉහළ දායකත්වයක් ලබාදෙන ඇය එය ඔස්සේ ඇයට ලැබුනු ඉහළ ප්‍රතිඵල පිළිබඳවත් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු බෙදා ගනිමින් සිටිනවා.

පියුමි හංසමාලි කියල කියන්නේ කවදත් පිනට දහමට ලැදි ආදරණිය කාන්තාවක්. ඉතින් පසුගිය දිනක දී ඇයගේ පුතා වන කාවිංග ගේ ජන්ම දිනය යෙදි තිබුණු අතර ඒ වෙනුවෙන් ඇය අසරණ පවුලකට නිවසක් තනා දීම ටත් විශේෂ අවශ්‍යතා ඇති වැඩිහිටි හා ළමා නිවාසයකට දිවා ආහාර වේල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමත් සිදු කරනු ලැබුවා. ඉතින් ඒ වෙනුවෙන් ඇයට බොහෝ දෙනාගේ ප්‍රශංසනාත්මක ප්‍රතිචාර ලැබී තිබුණු බව අපට දැකබලා ගන්නට පුළුවන් වුණා. ඒ වගේම පියුමි හංසමාලි ගේ පුද්ගලික ජීවිතයේ ආන්දෝලනාත්මක සිදුවීමක් පහුගිය දිනක දී සිදුවුණා. ඒ ඇයගේ සහ ඇගේ පෙම්වතාගෙ සම්බන්දය අතර ඇතිවූ ගැටුමක් පිළිබඳවයි. ඉතින් ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී පවසා තිබුණේ මේ විදිහට.

” මම ගැන ගොඩක් ප්‍රේක්ෂකයො බලාගෙන ඉන්නේ. මම හරිම කැමතියි ඒකට. ඒ නිසා දිගටම මම ගැන ටච් එකේ ඔහොමම ඉන්න. කලබලය නිසා පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. නමුත් දැන් ඒක ඉවරයි. ගොඩක් ප්‍රේක්ෂකයො මාව follow කරන නිසා තමයි මගේ පොඩි දේත් ඒ විදියට viral යන්නේ. ගොඩක් කට්ටිය මට හිනාවෙන්න මාව පහත් කරන්න උත්සාහ කරනවා.

නමුත් මට හිනාවෙන අය තවම මම ගැන හිත හිතා හිනා වෙවී ඉන්නවා. මමනම් ගොඩක් හොදට දැන් ඉන්නවා කිසි අඩුපාඩුවක් නැතිව. ඒ ගැන මම හරිම සතුටින් කියන්නේ. මට ඉන්නවා රත්තරන් පුතෙක්. හැම අම්මෙක්ගෙම බලාපොරොත්තුව තමන්ට රත්තරන් පුතෙක් ඉන්න එකයි. අපේ පුතා දවසක් කියලා තියෙනවා එයාගෙ යාලුවෝ එක්ක මමනම් කසාද බදින්නෙ නෑ අම්මා බලාගෙන ඉන්නවා කියලා.

ඉතින් රත්තරන් පුතෙක් වගේම සුලු සුලු රණ්ඩු වුනාට මට හොද මහත්තයෙකුත් ඉන්නවා. ඒ ගැන මම සතුටුයි. මාව වට්ටන්න හදන මිනිස්සු තවම එතනමයි. මමනම් මගේ ජීවිතේ ඉස්සරහට ගිහින් හොද සැපවත් ජීවිතයක් ගත කරනවා.”
ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
