කලා පවුලකින් පැවත ගෙන එන ඇය පුංචි තිරයේ අහිංසකම නිලියයි… මව තරම්ම රංගන කටයුතු වලට අපි දක්ෂ චරිතාංග නිළියක් වුණු ඇය.. රංගනය වෙනුවෙන් සම්මානයන් රැසක් ලබා ඇති අපේ රටේ සිටින ප්‍රධාන පෙළේ රංගන ශිල්පිනියක්. පසුගිය කාලයේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වුණු පිච්ච මල සුවදයි ටෙලි නාට්‍ය තුළින් රසිකයන් අතරට පැමිණි ඇය.. වර්තමානය නම් පුංචි තිරයේ වැඩිය දකින්නෙ නැහැ. මව මෙන් මේ ඇයටම ආවේණික වූ රංගන ශෛලියක් හෙබි ඇය. මේ දිනවල කුමන කටයුතුවල නිරත වෙනවද කියල කළ සොයා බැලීමකදි ඇය ප්‍රකාශ කර සිටියේ.

මේ දිනවල ජීවිතය බොහොම හොඳින් සරලව ගෙවීගෙන යනවා කියලා. පහුගිය දවස්වලට වඩා.. අම්මගෙ අසනීප තත්වය.. සුව අතට හැරීමත් සමඟ ඇයට ජීවිතයෙ විශාල සැනසීමක් ලැබුන කියලා.. තමයි ඇය කියන්නේ.. විවාහය නිසා රංගනයෙන් ඉවත් වුණා කියලත් සමහර මාධ්‍ය වල ගියපු ප්‍රචාර වලට ඇය දීපු උත්තරය තමයි..එහෙම දෙයක් වෙලා නැහැ . මම අම්මගේ අසනීප තත්ත්වයත් එක්ක ගෙදර වගකීම් ටික ඉටු කරන්න තමයි රංගනයෙන් ඈත් වුණේ. මගේ සැමියාගෙන් රංගනයට කිසිම බාධාවක් නැහැ.අනික මන් හැම ටෙලිනාට්‍ය ම බදාගෙන ඕනෙවට වඩා ලයිෆ් එක බිසී කරගන්න කැමැති කෙනෙක් නෙවෙයි.

ඇගේ මව ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලි නැවතත් ප්‍රේක්ෂකයන් හමුවට එයි කියලා තමයි ඇය කියන්නේ.. අසනිප තත්ත්වය සුව වීමත් සමඟ.. ඇයට නිර්මාණ කිහිපයකටම කිහිපයකටම ආරාධනා ලැබුණ රටේ පැවති තත්වය නිසා ඇය එළියට ආවේ නෑ කියලා තමා කියලා තියෙන්නෙ.. හොඳ ගුණාත්මක නිර්මාණ වලින් ඉදිරියේදී අම්මා එළියට ඒවි කියලා තමයි තිසුරි කිව්වේ.

ඇගේ මව අසනීප වුණු මුල් අවස්ථාවේ හැමෝම ගොඩක් බය වුනා .. කවුරුත් මානසිකව වැටුණේ නෑ. ඇගේ අම්මා මේ කටයුත්තට යථාර්ථය තේරුම් ගෙන ධෛර්යවන්තව මුහුණ දුන්නා. ඇගේ තාත්තා සැමියා පවුලෙ අය ඔක්කොම එකට එකතු වෙලා අම්මට ශක්තියක් වුණා. කලා ක්ෂේත්‍රයේ බොහෝ අයත් උදව් කරා. කොච්චර ලොකු අසනීපයක් හැදුනත්. හරි වෙලාවට බෙහෙත් හේත් ටික කරනවා නම් මානසික සුවය හරියට ලැබෙනවා නම් ලෙඩේට අභියෝග කරන්න පුලුවන් කියලා තමයි තිසුරි අවසාන වශයෙන් පැවසුවේ.
