උණුසුම් පුවත්
Search
volga

”මගදි අතාරිනවද – කට රිදෙනකන් මම අහලා ඇති” – හර්ෂනගෙන් වෙන්වුණු වොල්ගා කල්පනී

71112

ජීවිතේ මොන ප්‍රශ්න ආවත් ඒ හැම ප්‍රශ්නයකටම සාර්ථක මුහුණ දුන්න ගොඩක් ශක්තිමත් කලාකාරිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඉතින් ඇයගේ මේ දරාගැනීම නිසාම ගොඩක් අය වොල්ගට ආදරෙයි…. මේ කතාබහ වොල්ගා එක්ක කළ සාකච්ඡාවකින් උපුටා ගත්තක්.

වොල්ගා ඔබ දැන් ගොඩක්ම ජනප්‍රිය චරිතයක්…. ඉතින් ඔබත් අනිත් රංගන ශිල්පිනියන් වගේ ලැබෙන හැම චරිතයක්ම බාර ගන්නවද, නැත්නම් ඔබ චරිත තෝරා බේරා ගන්නවද?

”ඔව්… මම හැමදාම චරිත තෝරා බේරාගෙන තමයි රඟපාන්නේ…. කොහොමත් මම මේ වෙනකන් චරිත ගොඩක් රඟපාලා නෑ, මම නිලියක් වුනත් මම ඉන්නේ වැඩිපුරම ගෙදර”

volga
May be an image of 1 person, sitting, sunglasses, tree and outdoors

සමාජ ජාලා වල කාලයක් වොල්ගට මඩ වැදුනා, අද වොල්ගා ඒවා දකින්නේ කොහොමද?

”මෙහෙමයි… ඒ මඩ ගැන මම ඒ කාලෙත් බැලුවේ බොහොම උපේක්ෂාවෙන්…. කවුරුහරි කීයක් හරි හම්බකරගෙන කන දෙයක්නේ කියලා මම හිත හදාගන්නවා…. මේකනේ, දැන් කාලේ ත්‍රීවීල් පදින මහත්වරුන්ටත් යුටියුබ් චැනල් තියෙනවා… අපේ චරිතය විනාස කරලා හරි හම්බ කරල ඒකෙන් තමන්නෙ පවුලට කන්න දුන්න නම් හරි අපිට ඒක පිනක්…. ඒත් මම එක්ක ඉන්න ප්‍රේක්ෂකයෝ දන්නවා මොකද වුනේ කියලා, මට හැමදේම පැහැදිලි කරන්න වූවමනාවක් නෑ….”

May be an image of 1 person and standing

වොල්ගා දිගටම මෙහෙම ඉන්නද හිතන් ඉන්නේ ?

”මම මගේ ජීවිතේට ලේසියෙන් කෙනෙක්ව ලංකරගන්න කෙනෙක් නෙවෙයි, ලංකරගත්තත් ලේසියෙන් අත්හරින්න බෑ…. අදටත් මම එහෙමයි…. අතීතය අමිහිරියි කියල මම මොනම වෙලාවකවත් කියන්නෙ නැහැ. මගේ අතීතේ හරිම සුන්දරයි….. අදටත් මගෙත් එක්ක ඉන්න අය, මාව දාලා ගිය අය එක්ක මම තරහා නැහැ…..”

May be an image of 1 person and sky

ඉතින් මේ දවස්වල වොල්ගා මුහුණු පොතට එකතු කරලා තිබ්බ නිසඳැසක් නිසා හැමෝම වොල්ගා පිලිබඳ කතාවෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසඳැස තමයි ”අදත් මම බලං හිටියා, වෙනදා වගේම නුඹ, ඉස්සර හොයාගත්ත වෙලාව, අදත් හොයාගෙන දුවගෙන එයි කියලා – ඉස්සරනම් සැනසුම තිබ්බෙ, මේ පපුව ඇතුලෙ, මගදි අතාරිනවද, කට රිදෙනකන් මම අහලා ඇති – රිදුණු හිත පිරිලා තිබුණා, ඔබේ සුන්දර බොරුවෙන්, ඒ රිදුණු හිත දැන්නම් මැරිලා, එහෙනම් දැන් මට සමාවෙන්න – මතක තියාගන්න, ප්‍රේමය නමින් ලැබුණු එකම හිත නුඹ වග….” කියලා…

image

ඉතින් මේ කතාව දැකපු හැමෝම බොහෝ දෙනා හිතලා තියෙන්නේ වොල්ගා ආයෙත් විරහ වේදනාවක් ලැබිලා කියලා, ඒ ගැන ඔවුන් අදහස් පළ කරලා තිබුණා.

May be an image of 2 people, people standing and body of water
May be a closeup of 1 person
May be an image of 1 person, standing and indoorMay be a closeup of 1 personMay be a closeup of 1 person, standing and indoor
May be an image of 2 people, people standing and grass



Leave a Reply

Your email address will not be published.