ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇතැයි එම ගෑස් අලෙවි නියෝජිතයින් පවසනවා.
ඒ අනුව කිලෝ ග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6850ක් ද කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740ක් ද ලෙස ලාෆ් ගෑස් සමාගම විසින් මිල වැඩි කර ඇති බව සඳහන්.
මෙම ගෑස් හෙට (06) සිට යළි වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතය.