උණුසුම් පුවත්
Search
virat

විරාත් කෝලිගෙන් අලුත්ම වාර්තාවක්

211

ඉන්දීය පිතිකරු විරාත් කෝලි T-20 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1000ක් රැස් කළ ලොව දෙවැනි පිතිකරුවා බවට පත්ව තිබේ.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පර්ත් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන සුපිරි 12 කාණ්ඩයේ තරගයේදීයි.

මහේල ජයවර්ධන T-20 ලෝක කුසලාන තරඟවල ලකුණු 1000 සීමාව පසු කළ පළමු පිතිකරුවායි.

image 417

ඔහු තරග 31කදී ලකුණු 1016ක් ලබා ගනිමින් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා බවට පත්ව සිටි.

ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි අද තම 24 වැනි තරගයේදී ලකුණු 1000 පසු කළා.

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගයේදී ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12ක්.

T-20 ලෝක කුසලාන තරගාවලිවල වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (12) රැස් කළ ක්‍රීඩකයා ලෙස කෝලි වාර්තාවක් තබා තිබේ.

image 418