උණුසුම් පුවත්
Search
Untitled design 30

ලංකාවේ ලොකුම DJ ප්‍රසංගය කරන්න යන ලලිත්

99

නර්තන ශිල්පියෙකු ලෙස ඉමහත් ජනප්‍රියතාවයක් හිමිකරගත් තරුණයෙක්. ඒ වගේම ඔහු දක්ෂ නර්තන ගුරුවරයෙක්.හිරු සුපර් ඩාන්සර් රියලටි තරගාවලිය හරහා රටම හඳුනාගත් ත ඔහු ලලිත් පැරකුම්.මේ වෙද්දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල නර්තන academy රාශියක් තුලින් දරුවන්ට නර්තනය ඉගැන්වු ඔහු පිළිබඳ අලුත් තොරතුරු කිහිපයක් සති අන්ත ජාතික කතක් සමග මේ පරිදි බෙදා හදාගෙන තිබුණා…

305850965 191846563239602 3581532311101637646 n

කාර්යබහුලව ගෙවී යන ජීවිතයේ ඒ දවස්වල ගොඩක් වැඩ කරනවා කියලා ඔහු කියන්නේ වෘත්තිමය නර්තන ශිල්පියෙක් විදිහට ගමන පිළිබඳව අපිත් එක්ක කිව්වේ මෙහෙම කතාවක්…”මුල්ම අඩිතාලම වැටෙන්නේ මගේ අයියගෙන්. ශාන් කරන්නාගොඩ ගුරු පියාණන්ගෙන් සහ පද්මා ගුරු මෑණියන්ගෙන් තමයි මම නර්තනය ඉගෙන ගත්තෙ. මගේ අයියා තමයි මාව මුලින්ම නර්තන පාසලකට එක්කන් ගියේ. එතැනින් තමයි නර්තන ජීවිතේ පටන් ගත්තෙ. වෘත්තීයමය නර්තන ශිල්පියෙක් විධියට මුල්ම අඩිතාලම තිබ්බේ අවුරුදු 18දී. ඒ කියන්නේ 2009දී තමයි මම මුලින්ම නර්තන පාසලක් පටන් ගන්නේ. අද වෙනකොට නර්තන පාසල් හතළිහක් දිවයින පුරා ව්‍යාප්ත කරලා තිබෙනවා. මම අන්තර්ජාතික සහතික පත්‍ර 11ක් ලබාගෙන තිබෙනවා වගේම ජාත්‍යන්තර තරගාවලි හතරක් ජයග්‍රහණය කරලා තිබෙනවා. ඉතින් ඒ වගේ සමස්ත ජාත්‍යන්තර ජයග්‍රහණ දාසයක් පමණ ලබාගෙන තිබෙනවා.”

316264913 205333821890876 1374879939636051676 n

සිය පවුලේ අම්මා තාත්තා අක්කල දෙන්නයි අයියලා දෙන්නයි. පොඩ් සහොදරියයිලු ඉන්නෙ.. පාසැල් අධ්‍යාපනය ලබන කාලෙ ඉදලම නර්තන ශිල්පී ශිල්පියෙක් වෙන්න… තිබුන ආසාව පිළිබඳව කිව්ව මෙන්න මෙහෙම….ඇත්තටම එහෙම අරමුණක් තිබුණේ නැහැ. මං පාසල් යන අවධියේ උඩරට, පහතරට වැනි සාම්ප්‍රදායික නර්තනයන් තමයි ඉගෙන ගත්තේ. ඒ කාලේ මගේ ලොකුම හීනය තිබුණේ එස්.එෆ්. එකට යන එක. නර්තනයට පිවිසුණාට පසුව විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු වෙන බලාපොරොත්තුව මට මඟහැරුණා.

ඔහු දැන් ඉන්න තැන ගැන ලොකු තෘප්තියකින් ඔහු ඉන්නේ. ඔහුගෙන් ඉගෙන ගත්තු සිසු සංඛ්‍යාව පන්දහසක් ඉක්මවලා කියලා ප්‍රකාශ කරලා තිබුනා.

305925093 191632399927685 2600074415492825137 n

පටන් ගන්න යන අලුත් වැඩේ පිළිබඳව ප්‍රකාශ කරෙ මෙන්න මෙහෙම අදහසක්….මම ලංකාවේ වැඩිම නර්තන තරගාවලි සංඛ්‍යාවක් ජයග්‍රහණය කරපු නර්තන ගුරුවරයෙක්. මම මේ වසරේ අප්‍රේල් 30 වැනිදා ‘ප්‍රචණ්ඩ’ කියලා ලංකාවේ අතිදැවැන්ත නර්තන ප්‍රසංගයක් පැවැත්වූවා. ඒක පැවැත්වුවෙ නෙළුම් පොකුණ රඟහලේදී. ඊට පස්සේ මට හිතුණා නර්තනය විතරක් නෙමෙයි සංගීතය කියන්නෙත් කලාවට ඉතාම වටින දෙයක්නේ. ඒ වගේම නර්තන ශිල්පියෙක් සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංග පවත්වන්නේ නැහැ. මට event company එකක් තිබෙනවා. මියුසික් පැත්තත් එකතු කරගෙන අල්ට්‍රා සිලෝන් ෆෙස්ටිවල් කියලා ලංකාවේ ලොකුම DJ ප්‍රසංගය කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මම මේකට සම්පූර්ණයෙන්ම සම්බන්ධ කරගන්නේ ලංකාවේ කලාකරුවන්. ලංකාවේ ඉන්න හොඳම ඩීජේස්ලා තමයි මේකට සම්බන්ධ කරගන්නේ. මේ ප්‍රසංගය පවත්වන්න හිතාගෙන ඉන්නෙ මාර්තු 4 වැනිදා. දැනට ස්ථාන දෙකක් මේ සඳහා වෙන් කර ගනිමින් ඉන්නවා. එකක් තමයි නෙළුම් පොකුණ outdoor එක. අනෙක තමයි එක්සෙල් වර්ල්ඩ් එක. මේ දෙකෙන් එකක අනිවාර්යයෙන්ම මේ ෆෙස්ටිවල් එක පවත්වනවා.

316134754 205333885224203 3521770377894888405 n