උණුසුම් පුවත්
Search
yehali

”කුමාර් හොඳම බැට්ස්මන් වුණේ ජේසු නිසා” – සංගක්කාරගේ බිරිඳ

371

කුමාර් සංගක්කාරගේ බිරිය යෙහාලි සංගක්කාර ‘බෝර්න් අගේන්‘ ක්‍රිස්තියානි නිකායේ ප්‍රචාරාත්මක වැඩසටහනකට එක්වෙමින් සිදු කළ කතාවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

ඇය එහිදී මෙසේ පවසන්නීය.

”මම උපතින් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි, දැන් මම අලුත් නිකායේ.. මට වයස 17දී කුමාර් හම්බ වුණා. අපි පස්සෙ බැන්දා. එයා ඉක්මණට උඩට ගියා. එයා හොඳම බැට්ස්මන් වුනා. මං දන්නවා ඒ සියල්ල වුනේ අපි ප්‍රේ කරපු නිසා…. කුමාර් අවුරුදු 15ක් ක්‍රිකට් ගැහුවා. ඒ කාලේ සියලු දේවල් ඔහුට ලැබුනා. මං දන්නවා මේ දේවල් අපි තනියම නෙමේ කළේ, දෙවියන්ගේ උදව් නිසා..T20 වර්ල්ඩ් කප් එකේ එයා පර්ෆොර්ම් කළේ මම ප්‍රේ කරපු නිසා, අපිට හැමදේම දුන්නේ ජීසස්. මං දන්නවා මගේ අම්මගෙ බඩට මං ආවෙ ජීසස් නිසා…

මං ප්‍රේ කරලා ලෙඩ වුනු දරුවො පවා සනීප කළා. එක දවසක් හොදටම වැස්සා, අපේ දරුවා බය වුනා, අපි ප්‍රේ කළා. එක පාර වැස්ස නැවතුනා. මගේ බල්ලට ලෙඩ වුනාම දුව ප්‍රේ කරපු නිසා බේරිල තියනවා…..

අපේ ජීවිතයේ ක්‍රිකට් යාලුවන්ට ප්‍රශ්න ආවම දණ ගහලා ප්‍රේ කරලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවා. මම ඔබට කියනවා ඔබ අදම ජීසස් ඉන්නවා කියලා විශ්වාස කරලා ජීසස්ට කතා කරන්න, ජීසස් ඔබට කතා කරයි…..

image 240

මං කියල තියනවා දෙවියන් වහන්සේට මාව යූස් කරන්න තව කෙනෙකුගේ කරදරේ නවතන්න. දවසක් මං පාරෙ යද්දි හරි දුකින් යන ගෑනු කෙනෙක් හම්බ වුණා. මං වාහනේ නවත්තල කතා කරා. එයා කිව්වා මහත්තයා හිරේ ගියා කියලා. මං ගෙදර ගිහාම ජීසස් කියනවා මෙතැනින් ඉවර නැහැ කියලා. මට පහුවදාත් හම්බවුණා. මං එයාගෙන් ෆයිල් නම්බරේ ඉල්ල ගත්තා. මෙයා වැරදි කරල නෙමේ.. මිනියක් මරලා කියල හිරේ ගියාට කෙනෙක්ව ආරක්ෂා කරන්න ගිහින් වෙලා තියෙන්නෙ. මං ප්රේ කරපු නිසා එයා බේරුණා….. දවස් දෙකින් නිදහස් වුනා.

හැමදේම දණගහල අපට වෙනස් කරන්න පුළුවන්. අද දෙවියන් ඉන්නවා අපිට කතා කරන්න පුළුවන්…” යනුවෙනුයි.

කෙසේ නමුත් මේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා විවිධ අදහස් පළකරමින් සිටිනවා.

ඇතැමුන් එය විවිචනය කරමින් සිටින අතර තවත් පිරිසක් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් එය විවේචනය නොකරන ලෙස සඳහන් කරනවා.