උණුසුම් පුවත්
Search
sheshadri

”ක්‍රිෂාන් තමයි කුස්සිය අස් කරන්නේ” – ශේෂාද්‍රි ප්‍රියසාද්

228

ප්‍රියසාද් පවුල කිව්වම අපේ රටේ කොයි කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පිනියන් තිදෙනෙක් ඉන්නවා. දිනක්ෂි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ඒ තුන් දෙනයි. ඉතින් පුංචි තිරය, සිනමාව එක විදියට ආක්‍රමණය කරන ඔවුන් තිදෙනා මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියයි.

image 65

ඉතින් කලා ක්ශේෂ්ත්‍රයේ වැඩිපුර මේ තිදෙනාගෙන් පේන්න නැත්තේ ශේෂාද්‍රි ප්‍රියසාද්. ඇය තමයි මේ පවුලේ දෙවැනි දුව. ඉතින් අක්කයි නංගියි කලා කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නකොට ඇය සිනමා නිර්මාණ හරහා තමයි වැඩි හරියක් දකින්න ලැබෙන්නේ.

image 62

ශේෂාද්‍රි ප්‍රියසාද් මේ වන විට විවාහ වෙලා ආදරණීය දියණියක් ඉන්නවා. ඇය තමයි ක්‍රිෂාර්යා. ශේෂාද්‍රිගේ අත ගත්තේ සංගීත කණ්ඩායමක දක්ෂ ගායකයෙක් වන ක්‍රිෂාන් සමගයි. ඉතින් සංගීත ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් වන ක්‍රිෂාන් ශේෂාද්‍රිට නිවසේ වැඩ කටයුතු වලට උදව් කරන ආකාරය ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

image 63

” මම කැමති නෑ කවුරිහරි මම උයනකොට කුස්සියට එනවට. මොකද මට නිදහසේ කරගන්න බෑ එතකොට. ක්‍රිෂාන් එන්නේ උයන්න උදව් කරන්න නෙමෙයි. කුස්සිය අස් කරන්න. එයාට මම කොච්චර අස් කලත් වැඩක් නෑ, එයාට ඕන විදියට අස් කරන්න ඕන….”

image 66