දකුණු කොරියාව සම්පූර්ණ ශරීරයෙන් යුත් ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර දී ඇති බව වාර්තා වනවා.
ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒවා “අසභ්‍ය ද්‍රව්‍ය” නොවන බවට තීන්දු කිරීමෙන් වසර 03කට පසුවයි.
කොරියානු රේගු සේවය විසින් ජූලි මාසයේ සිට සිරුරේ ලිංගික අවයව නිරූපණය කරන, ජීව ප්‍රමාණයේ නොවන ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණා.
නමුත් විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව උස, බර සහ මුහුණ මත පදනම්ව බාල වයස්කරුවන් නිරූපණය කරන බෝනික්කන්ට තවමත් අවසර නොදෙන අතර නිශ්චිත පුද්ගලයකුගේ පෙනුමට සමාන බෝනික්කන් ද තහනම් කර තිබෙනවා.
2019 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රේගු අධිකාරිය විසින් නිර්වචනය කර ඇති පරිදි ඇතැම් ජීව ප්‍රමාණයේ ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙන බවයි මේ වන විට විදෙස් මාධ්‍ය තහවුරු කරන්නේ.
– සසිදු සහන් තාරක