උණුසුම් පුවත්
Search
KIM JON UN

කිම් ජොන් උන් මිසයිල අත්හදා බලන්න දියණියත් එක්ක ඇවිල්ලා (ඡායාරූප සහිතයි)

153

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාව උත්කර්ෂයට නගමින්.

38 හැවිරිදි උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, දියණිය කිම් චූ ඒගේ අතින් අල්ලා ගනිමින්, මිසයිල අත්හදා බැලීමට පැමිණි අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කළේ ඊයේ (19) දිනයේ යි.

image 229

මිසයිල අත්හදා බැලීමට කිම් ජොන් උන්ගේ බිරිඳ රී සොල් ජූ ද එක්වී සිටීම ද විශේෂත්වයකි.

image 228

නායක කිම් ජොන් උන් සහ ඔහුගේ පවුල් ජීවිතය ලෝකයාට රහසකි. ඔහුට දරුවන් කී දෙනකු සිටිනවාදැයි ලෝකයා දන්නේ නැත.

උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී සිටින රාජ්‍යයකි.

ඒ, උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් එරටට පනවා ඇති සම්බාධක නිසායි.

image 230

මාධ්‍ය වාර්තා අනුව, කිම් ජොන් උන්ට දියණියන් දෙදෙනකු සහ පුතකු සිටී.

දියණිය කිම් චූ ඒගේ වයස අවුරුදු 12 ක් හෝ 13 ක් වන්නට බටහිර මාධ්‍ය අනුමාන කර ඇත.

image 231

(බීබීසී)