උණුසුම් පුවත්
Search
kate

“මටත් පිළිකාවක්” – වේල්සයේ කුමරිය හෙළිකරයි

192

පසුගිය දෙසැම්බර් මාසයේ සිට කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බ්‍රිතාන්‍යයේ අනාගත රැජිණ, වේල්ස් කුමරිය ඊයේ පස්වරුවේ වීඩියෝ පටයක් නිකුත් කර විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුනා. ඒ ඇයට ජනවාරි මාසයේදී සිදු කල සැත්කම අවසානයේදී සිදුකල පරීක්ෂණ මගින් පිළිකාවක් වැලඳී ඇති බව සොයාගෙන ඇතැයි එම වීඩියෝ හඬපටය මගින් ඇය ඉතා කණගාටුවෙන් ප්‍රකාශ කර තිබීමයි.

Kate Middleton cancer latest: Princess of Wales confirms diagnosis in video message | The Independent

පිළිකාව කුමන ආකාරයේ එකක්ද යන්න තවමත් අණාවරණය වී නැතත් කුමරිය එයින් සම්පූර්ණ සුවය ලබනු ඇතැයි විශ්වාස කරන බව කෙන්සින්ටන් මාලිගය ප්‍රකාශ කරනවා. කුමරියගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ ජනවාරි මාසයේ සැත්කමට මුහුණ දෙන විට පිළිකාවක් වැලඳී ඇති බව සොයාගෙන නොසිටි නමුත් එයින් පසුව සිදුකල පරීක්ෂණ මගින් පිළිකා තත්වය පිළිබඳ අනාවරණය කරගෙන ඇති බවයි.

තවදුරටත් ඇයි සිය පණිවිඩය මගින් කියා සිටින්නේ ‘මම හොඳින් සිටින අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් සිටිනවා’ යන්නයි.

ඇයට මේ වන විටත් කීමෝ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති අතර ඇය එම ප්‍රතිකාර වල පළමු අදියරයේ පසුවන බව සඳහන් කර තිබෙනවා. පිළිකාවට ගොදුරු වී ඇති සියළු දෙනා ගැනම ඇයට සිහිපත් වන බවත්, කිසිවෙකුටවත් පිළිකාව හේතුවෙන් සිය බලාපොරොත්තු අතහැර නොගන්නා ලෙසත් ඇය සිය පණිවිඩය මගින් කාරුණිකව සිහිපත් කර සිටිනවා.

Kate Middleton Cancer: "Having William By My Side...": What Kate Middleton Said In Video

පසුගිය දෙසැම්බර් මාසයේ සිය කුමරිය කේට් කුමරිය පොදු කටයුතු වලින් හා මාධ්‍යයෙන් ඈත්ව සිටීම නිසාත් මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් කෙන්සින්ටන් මාලිගය නිකුත් කල ඡායාරූපය සංස්කරණය කල එක්කක බව හෙලිවීම නිසාත් වේල්ස් කුමරිය පිලිබඳව විවිධාකාර පුවත් පැතිර යන්නට වුණා. එම පුවත් වලට ප්‍රතිචාරයක් වශයෙන් ඇය විසින් මෙම වීඩියෝ පටය ඊයේ මාධ්‍යයට නිකුත් කර තිබුනා.

විලියම් කුමරු සහ ඇය එක්ව ඇයගේ පවුල වෙනුවෙන් මෙම තත්වය කළමනාකරණය කිරීමට හැකි සෑම දෙයක්ම සිදු කරමින් සිටින බව ඇය කියා සිටිනවා. ඔටුන්න හිමි ජෝර්ජ් කුමරු, චාලට් කුමරියට සහ ලුවී කුමරුට මෙම තත්වය පැහැදිලි කිරීමට සහ ඇය හොඳින් බව එත්ත් ගැන්වීමට යම් කාලයක් ගතවූ බවත් ඇය ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ නමුත් කේට් කුමරියට පිලිකාවක් වැලඳී ඇති බව හෙලිදරව් වීමත් සමඟ නැවත වටයකින් බ්‍රිතාන්‍යය මාධ්‍ය පිළිකා රෝග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.

Where Is Kate Middleton? A Semi-Comprehensive Guide to the Theories That Have the Internet Spiraling | Glamour

එක්සත් රාජධානියේ සෞඛ්‍ය වාර්තා වලට අනුව සෑම පුද්ගලයන් දෙදෙනෙකුගෙන්ම එක් අයෙකුට සිය ජීවිත කාලය තුල කුමන හෝ ආකාරයේ පිළිකාවක් වැලඳීමේ අවධානමක් තිබෙන බව ප්‍රකාශ වෙනවා. නැවතත් එම අවධානම අවධාරණය කරනවා නම් සෑම පුද්ගලයන් දෙදෙනෙකුගෙන්ම එක් අයෙක් පිළිකාවට ගොදුරු වීමේ අවධානමක් ඇති බවයි සඳහන් වන්නේ.

NHS වෙබ් අඩවියට අනුව එක්සත් රාජධානිය තුල විවිධ පිළිකා වර්ග 200කට වඩා හඳුනා ගෙන තිබෙනවා. ඒ අතරින් වඩාත් සුලභ පිළිකා වර්ග ලෙස පියයුරු, බඩවැල්, පෙනහළු හා පුරස්ථි ග්‍රන්තියේ පිළිකා හඳුනා ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.
බොහෝ පිළිකා රෝග වයස අවුරුදු 50 න් පසුව හඳුනා ගන්නා අතර සියළු පිළිකා රෝගීන්ගෙන් තුනෙන් එකක් වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයන් වනවා. මේ වන විට එක්සත් රාජධානියේ පිළිකාවක් සමඟ ජීවත් වන පුද්ගලයන් සංඛාව මිලියන 3ක් පමණ වන අතර පසුගිය වසර 50 තුල පිළිකාවක් වැලඳී සුව වන රෝගීන් සංඛාව දෙගුණ වී තිබෙනවා.

”ඔබ අත්විඳින ඕනෑම අසාමාන්‍ය සෞඛ්‍ය ගැටළුවකදී වෛද්‍යවරයෙක් හමු වී උපදෙස් ගන්නා ලෙස” බ්‍රිතාන්‍යය සෞඛ්‍ය වෙබ් අඩවිය ප්‍රකාශ කරනවා. සෑම අසාමාන්‍ය සෞඛ්‍ය ගැටළුවක්ම පිළිකාවක් නොවිය හැකි නමුත් කල් තියා හඳුනා ගන්නා පිළිකාවකට ප්‍රතිකාර කිරීම ඉතා පහසු බවයි සෞඛ්‍ය බළධාරීන් ප්‍රකාශ කරන්නේ.

Kate Middleton, Prince William videographer slams 'delusional' conspiracy theories | Fox News

Edited News Source by – Thilan Jayasekara