උණුසුම් පුවත්
Search
madhavee

”කසුන්ට මාව ඕන කිව්වා… සුබ පැතුම් වලට ස්තූතියි… අනිත් අය ක්‍රමයෙන් තේරුම් ගනියි” – මාධවී වත්සලා

2293

මේ දිනවල බොහෝ දෙනා කතා කරන ජැක්සන් ඇන්තනී, ඒ මහා රංගධරයාගේ ආදරණීය එකම දියනිය තමයි මාධවී වත්සලා කියන්නේ. ගායනයට, නිවේදනයට, රංගනයට කියන මේ හැම කලාවකටම එක හා සමාන ලෙස දස්කම් දක්වන මාධවී ගැන මේ වන විට අහන්නට ලැබෙන්නේ ඉතාම සතුටු පුවතක්.

May be an image of 1 person and standing

විවහා දෙකකින් අසාර්ථක වෙන මාධවීට හයියක් වෙන ඇගේ දුකේදී සැපේදී ඇය ළගින්ම ඉන්න කෙනා තමයි ඇගේ දැන් ඉන්න පෙම්වතා කියලා ඇය ප්‍රසිද්ධියේම සමාජ මාධ්‍ය ඔස්සේ රටටම හඳුන්වා දුන්නා. ඉතින් අලුතෙන් පෙම් කතාවක් පටන් ගත් නිසා මාධවී ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තා.

May be an image of 2 people and outdoors

කලා ක්ශේෂ්ත්‍රය තුල විවිධ දක්ෂතා දක්වන මාධවී ඇගේ සැබෑ ජීවිතය තුළ විවිධ ප්‍රශ්න ගණනාවකටම මුහුණ දෙන්න සිදු වෙනවා කියලයි ඇය නම් විටින් විට කියා සිටින්නේ.

No photo description available.

ඒ දේවල් කොහොම වුණත් අලුත් පෙම්වතා නිසා සතුටින් ඉන්න මාධවී, ඇගේ අලුත් ප්‍රේමය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ…..

”මගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හීනටිගල. එයා මාව හොදටම තේරුම් ගත්ත කෙනෙක්. මගේ හැමදේටම මගේ පිටුපසින් සිටින කෙනෙක්. අනික මාව ප්‍රතික්ෂේප වුනාම මට හයියක් වුණෙ එයා. එයා තමයි මාව නගා සිටුවන කෙනා….. ඉතින් කසුන්ට මාව ඕන කිව්වා… මටත් කසුන්ව ඕන. ඒක නිසා අපි සතුටින් ඉන්නවා. අපි ආදරෙන් ඉන්නවා. සුබ පතන අයට බොහොම ස්තූතියි. අනිත් අය ක්‍රමයෙන් තේරුම් ගනියි…..”

May be an image of 2 people, people standing and indoor

මේ විදියටයි මාධවී ඇගේ පෙම්වතා ගැන අදහස් දක්වලා තිබුණේ….

May be an image of 2 people, drink and indoor