පසුගිය දා රටේම මහත් ආන්දෝලනයට තුඩු දුන් අතුරුගිරියේ සිදුවීමෙන් පාදයකට බරපතල තුවාල සිදුවූ ගායිකා කේ. සුජීවා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඇයගේ පාදයේ සැත්කම් කිහිපයක් ද සිදුකර ඇති අතර ඇය ආසන්නයට යන්නට පවුලේ අයට හා ළඟම හිතවතුන්ට පමණක් රෝහලෙන් අවස්ථාව සලසා ඇත.
ඇයගේ සුවදුක් විචාල අය සැපයූ තොරතුරු අනුව සුජීවා සිද්ධිය මෙසේ විස්තර කර තිබේ….
”දුලාන්ව මං දන්නවා. එයා ආරාධනාවක් කරාම බැහැ කියන්න බැහැනෙ…. මට දරුවො දෙන්නාත් එක්කන් එන්න කියල තමයි මේ උත්සවයට ආරාධනා කර තිබුනේ. ඒත් මං ඒ දෙන්නා එක්ක ගියේ නැහැ. එහෙම ගියා නම් ඒ අයටත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා….
වසන්ත ගැන මං දැනගෙන හිටියට මේ උත්සවයට පෙර ඔහුව හමු වී නැහැ. මුල්වරට තමයි මට එයාව හමුවුනේ. මාත් එක්ක පොඩි විහිළුවකුත් කරා…. එයා කිව්වා මාව වීඩියෝ වලින් දැක්කට හැබැහින් දැකල නැති බව. එයා මං වීඩියෝ වල ලොකු සයිස් කෙනෙක් කියල හිතං හිටි නමුත් දැක්කම හරි පොඩි කෙනෙක්නෙ.. කියලත් විහිළුවට කිව්වා…..
වෙ ඩි තැබීමේ සිදුවීම හිතුවෙ නැති වෙලාවක එක පාරට සිදුවුනේ. මගේ වම් කකුලට එක්වරම වෙ ඩි වැදුණා…. තුවාලෙත් එක්කම මං බිම වැටුණා.මං කකුල අල්ලගෙන කෑ ගැහුවා. වසන්ත බිම වැටිලා ලේ පෙරාගෙන ඉන්නව දැක්කා. මං කෑහල කිව්වා අපිව ඉස්පිරිතාලෙ ගෙනියන්න කියලා.
මේ සිද්ධියෙන් නයන නැති වුණා….. ඒ ගැන හිතාගන්න බැරි කම්පනයක් මට තියෙන්නෙ….. මට පැය තුනහමාරක විතර සැත්කමක් කරා. දැඩි සත්කාරෙ හිටියා.දැන් නං සාමාන්‍ය වාට්ටුවක ඉන්නෙ…..”