කාලයක් සමාජ මාධ්‍ය තුළ විශේෂ අවදානයක් දිනාගත් චරිතයක් තමයි කේ. සුජීවා කියන්නේ. “ඉඟි මරන තරු රෑන” කියන එකම එක ගීතයෙන් ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත ඇය ගැන තවත් අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. මොකද ඒ තරමට ඇය ප්‍රසිද්ධ නිසා. අපේ රටේ ගායන ශිල්පියෙකු වූ අජිත් මුතුකුමාරණ සමඟ කාලයක් එකට ජීවත් වූ ඇය මේ වන විට ඔහුගෙනුත් වෙන් වී සිටිනවා. දියණියන් දෙදෙනා සමඟ සතුටින් ජීවත්වන ඇය සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී චරිතයක්.
ඉතින් පසුගියදා කේ. සුජීවාගේ උපන්දිනය යෙදිලා තිබුනා.
උපන්දිනය දවසේ දියණියන් දෙදෙනා සහ පවුලේ අය එක්ක රාත්‍රී ආහාරය ගන්න සුජීවා එළියට ගිහින් තිබුනා. දියණියන් දෙදෙනා පුංචි කේක් එකකුත් සුජීවා වෙනුවෙන් සූදානම් කරලා තිබුණා.
මේ තියෙන්නේ ඒ ඡායාරූප…