ලෝ ප්රකට පොප් ගායක ජස්ටින් බීබර් ඊයේ (10) දිනයේ තමා සම්බන්ධව ඉතා සංවේදී පුවතක් සමාජගත කර තිබෙනවා.
ඒ ඔහුගේ මුහුණේ එක් පැත්තක් අංශභාග රෝගයෙන් පෙළෙන නිසා ඔහු ගායනයෙන් විවේකයක් ගන්නා බව නිවේදනය කරමින්.
ඔහුගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ පළ කරන ලද වීඩියෝවක, ඔහු පවසා සිටියේ ඔහුට රැම්සේ හන්ට් සින්ඩ්රෝමය ඇති බවත්, එමඟින් ඔහුගේ මුහුණෙන් අඩක් චලනය කිරීමට නොහැකි බවත්ය.
එනම් ඇසිපිය සැලීම, සිනාසීම, නාස් පුඩු සෙලවීමට තමන්ට නොහැකි බවය.
මේ වන විට ඔහුගේ වයස අවුරුදු 28කි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ලොව පුරා ඔහුගේ ප්රේක්ෂකයින් දුකට පත්ව සිටිනවා.