ටික්ටොක් හරහා ලාංකීය ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත්වෙමින් පසුකාලීනව යූටියුබ් නාලිකාවක් ඔස්සේ ඉහළ ප්‍රේක්ෂක ආදරය වගේම ආකර්ෂණයක් හිමිකර ගත් සුන්දර තරුණියක් තමයි ලෝචනා හංසමාලී ජයකොඩි කියන්නේ.
ඇත්තෙන්ම ඇයව මෙරට බොහෝදෙනෙකු හදුනන්නේ ලෝචනා කියන නමට වඩා ”ලෝචි” කියන නමෙනුයි. ඉතින් එදා ටික් ටොක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය මේවෙද්දී අපට පුංචි තිරය ඔස්සේත් දැකගන්නට ලැබෙනවා.

ඒ පහුගිය කාලයේ සියත නාලිකාවේ විකාශය කෙරුණු රේස් ටෙලි නිර්මාණය ඔස්සේ වන අතර ඇයට මේ ටෙලි නිර්මාණය ඔස්සේ ඉහළ ජනතා ආදරයක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණා.
කෙසේ වෙතත් මේ විදිහට විවිධ නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ලෝචනා පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

”මම මූලික අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල අංක එක කනිෂ්ඨ විද්‍යාලයෙන්… සාමාන්‍ය පෙළ කරන්න කැස්බෑව ආටිගල බාලිකා විද්‍යාලයට ගියා…ඒ වගේම උසස් පෙළ කරන්න ගල්කිස්ස බෞද්ධ බාලිකාවට ඇතුළත් වුණා.. හැබැයි ඒ වෙද්දී මගේ අම්මා සුව කරන්න බැරි රෝගයකින් පෙළුණා.. ඊට පස්සේ අම්මා නැති වුණු නිසා මට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බැරි වුණා… එතැනින් මගේ අධ්‍යාපනය නතර වුණා…” කියලයි පවසන්නේ.

”පස්සේ මම නංගිලා දෙන්නා බලාගෙන ගෙදර හිටියා… අම්මා නැති වුනාට පස්සේ මම තමයි නංගිලා දෙන්නව බලාගත්තේ… මේ මුල් වතාවට තමයි මම තාත්තා ගැන කියන්නේ, අම්මා නැති වුණාට පස්සේ මගේ ළමා කාලය හරි අමිහිරියි…. මගේ තාත්තා කුඩම්මෙක් ගෙනාවා…. හැබැයි එයා හොඳ අම්මා කෙනෙක් වුණේ නැහැ.. ඒ නිසා මට තාත්තා ගැනත් ඇති වුණේ කලකිරිමක්… මේ වෙද්දී මමත් එක්ක චුටි නංගි ඉන්නවා…. ලොකු නංගි දැන් විවාහකයි.

අම්මා නැති වුනාට පස්සේ මමත් ආදරේ හෙව්වා…. ඒ නිසා අවුරුදු හයක් පිරිමි ළමයෙකුට පෙම්වතියක් වෙලා ඔහු සමඟ විවාහ ගිවිස ගෙන එක වහලක් යටට ගියා… පවුල් ජීවිතයක් ගතකරන්න කියන ඇය හැබැයි ආදරේත් මට ගෙනාවේ අසුන්දර අත්දැකීම්…. ඔහුට මම ඉන්නකොට වෙන සම්බන්ධතා තිබ්බා. සමහර ඒවා මගේ අතට අහු වුණා.. මම ඒවාට සමාව දුන්නා…. නමුත් ඔහු හැදුණේ නැහැ…. ඒ වගේම ඩිවෝස් එකට කලිනුත් කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තිබ්බා… අවසානයේ මම ඔහුගෙන් දික්කසාද වුණා….”
කොහොම වෙතත් ”මම දැන් නැවතත් පෙම්වතියක්” කියල කියන ඇය ”දිනුක ජෝන්” තමයි මගේ පෙම්වතා කියලයි කියන්නේ.

ඒ වගේම ජෝන් මමත් එක්ක විඩියෝ වල හිටිය කෙනෙක්. අපි යාළුවෝ වගේ හිටියේ… ඒ කාලේ අපි අතර ආදරයක් ගැන අදහසක් තිබුණෙත් නැහැ.. ඒ කාලේ ජෝන් ගැන ලොකු විශ්වාසයක් ඇති වුණෙ ගති ගුණ හොඳ, හොද කොලිටීස් තිබ්බ කෙනෙක් නිසා. ඉතින් ඔහොම ඉන්නකොට එයා එක පාරටම මට ආදරේ ප්‍රකාශ කළා…”

ඉතින් මම ගැන සියල්ල දන්න මගේ ළඟින් හිටපු කෙනෙක් නිසා ඔහු තමයි මට ගැළපෙන කෙනා කියල මම හිතුවා, කියන ඇය ඉතින් මම ඒ ආදරේ පිළිගත්තා කියලයි කියන්නේ.

දැන් අපි ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු 02ක් වෙනවා… ලබන අවුරුද්ද අවසානයේ අපි විවාහ වෙන්න ඉන්නේ… ඒ වගේම ඔහුගේ අම්මව මතක් කරන්න ඕන… කියල කියන ඇය ”මට ලැබුණු හොඳම නැන්දම්මා එයා” කියලයි පවසන්නේ.
”මගේ අම්මට පස්සේ මම වැඩිපුරම ආදරේ කෙනා එයා. දැන් මට තනිකමක් දැනෙන්නේ නැහැ” කියලත් කියනවා.
