අරගලේ කාලෙදි. මනුස්සයෙක් මීගමුව කටුවාපිටිය පල්ලියේ ඉඳලා ගෝල්ෆේස් එකට පාගමනක් යනවා. කිලෝ 30ක් බර කුරුසියක් වම් උරහේ තියාගෙන කිලෝමීටර 40ක් පයින් ගියපු ඒ මනුස්සයා වෙන කවුරුත් නෙමෙයි, ජෙහාන් අප්පුහාමි. ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ටෙලි නාට්‍ය, චිත්‍රපට වගේම වේදිකාව එක්කත් ගණුදෙනු කරන නොම්මර එකේ නළුවෙක්.
රට වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන පුතෙක් ලැබිච්චි එකම අම්මා කෙනෙක්ට ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක් ඉතින් ඒ ආඩම්බර අම්මා එක්ක ඒ පුතා ගැන කතා කරන්න අපිට අවස්ථාවක් ලැබුණා මේ ජෙහාන් අප්පුහාමිගේ මව ෂිරෝමා ද සිල්වා එක්ක කරපු කතාබහක්.“මම නුවරඑළියේ. තාත්තා අශ්වාරෝහකයෙක්. සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව කාලේ අශ්ව රේස් තහනම් කළා. ඊටපස්සේ අපි මාරවිලට ආවා. එහෙදි තමයි මට පුතාගේ තාත්තව හම්බුණේ. ජෙහාන් පුතා පවුලේ හතරවැනියා. එයාට අක්කලා දෙන්නෙකුයි,නංගි කෙනෙකුයි, අයියා කෙනෙකුයි ඉන්නවා.”

ජොහාන් පුංචි කාලේ මොන වගේ චරිතයක්ද කියලා අම්මා කිව්වේ මෙහෙම.. පුතා හරිම අහිංසකයි. පොඩි කාලේ අයියා වරදක් කරලා අපි එයාට බැන්නහම ඒකට අඬන්නෙත් ජෙහාන් පුතා. අනික එයා ඉස්සර ඉඳලම මිනිස්සුන්ට හරි ආදරෙයි. ඒ නිසාද මන්දා පුතාට ඉක්මනින්ම මිනිස්සු ආකර්ෂණය වෙනවා.” “2001දී මම නර්සින්වලට එංගලන්තෙට ගියා. එදා ඉඳලා මම තාම ජීවත්වෙන්නේ එහේ. රට යනකොට පුතාට 16යි. මම ගියාට පස්සේ එයාලගේ තාත්තා තමයි එයාලව
බලාගත්තේ. තේ එක පවා හදලා ළඟට දෙන තාත්තා කෙනෙක් පුතාට හිටියේ. 2012දී එයා නැතිවුණා. යාළුවෝ වගේ හිටපු නිසා තාත්තගේ වියෝව පුතාට දරාගන්න අමාරු වුණා.” බැලූ බැල්මට දඩබ්බර, රැඩිකල් චරිතයක් වගේ පෙනුණට ජෙහාන් කියන්නේ බොහොම සංවේදී මනුෂ්‍යයෙක් බවයි ඇය කිව්වේ. “පුතා ඉගෙනගත්තේ හලාවත ශාන්ත මේරීස් ඉස්කෝලෙන්. ඒ කාලේ ඉඳලා පුතා රඟපාන්න දක්ෂයි. පුංචි කාලෙදි දහම් පාසල් නාට්‍යවලට එහෙමත් සම්බන්ධ වුණා. එකපාරක් පුතා

මංගල සේනානායකගේ වැඩමුළුවකට සහභාගී වුණා. ඊටපස්සේ තමයි වේදිකා නාට්‍යවල රඟපාන්න පටන්ගත්තේ. පස්සේ රූපවාහිනී නාට්‍ය, චිත්‍රපටවලටත් සම්බන්ධ වුණා.‘සය පෙති කුසුම’ චිත්‍රපටය වෙනුවෙන් සාක් සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය ලැබුණා. රංගනය වෙනුවෙන් සරසවි සම්මාන, රාජ්‍ය සම්මාන, යෞවන සම්මාන එහෙමත් අරගෙන තියෙනවා.”
පුතාගේ පවුල ගැන අම්මගේ අදහස වුණේ මේක… “ඒ දුවත් හරි හොඳයි. මගේම දුවක් වගෙයි. පුතා ගෙදර වැඩවලට දුවට උදව් කරනවා. වෙලාවකට උයනවා. ඒවා දැක්කම මට ගොඩක් සතුටුයි. පුතා බිරිඳට ගෙදර වැඩවලට උදව් කරනවට සමහර අම්මලා කැමති නැහැ. ඒක හරි වැරදියි. දරුවෙක් වුණත් කසාද බැන්දට පස්සේ ඒක වෙනම පවුලක්. ඉතින් මම එයාලා වෙනුවෙන් දේවල් කරනවා. එයාලගේ සතුට දිහා බලලා සතුටු වෙනවා ඇරෙන්න ඒ පවුල්වලට ඇඟිලි ගහන්න යන්නේ නැහැ.” අරගලයේදී කුරුසෙ කරේ තියන් යන එක අම්මගේ වචනවලින් කිව්වා කිව්ව එයාගෙ අදහස…. “එතකොට මම හිටියේ එංගලන්තෙ. හැබැයි මම දිගටම ඔන්ලයින් බලාගෙන හිටියේ. පොඩිකාලෙදි පුතා හලාවත සෙබස්තියන් මුනිඳුන්ගේ පල්ලියේ ක්‍රිස්තු චරිතය රඟපෑවා. ඒ නිසා එයාට

කුරුසිය හුරුයි. පුතා ඒ ගමන පටන්ගත්තේ පොඩි පිරිසක් එක්ක. ඒත් මගදි එයාට ලොකු පිරිසක් හැදුණා. එයා ගමන පටන්ගත්තු වේලේ ඉඳලා මම දෙවියන්ට යාඤා කළා. මගේ පුතා කිලෝමීටර ගාණක් පයින් ගියේ සෙරප්පු නැතිවයි. ගෝල්ෆේස් එකට යනකොට පුතාගේ පිට ලෙලි ගිහිල්ලා.
ඊටපස්සෙ පොලිසියෙන් කඳුළු ගෑස් කාලා පුතා බිම බදාගෙන ඉන්නවා මම දැක්කා. එවෙලේ මගේ පපුව පිච්චිලා ගියා. එහෙ ඉඳගෙන තනියම ඇඬුවා. හැබැයි රට වෙනුවෙන් එයා කළ දේ ගැන මට ගොඩක් ආඩම්බරයි. අපි කවදාහරි අරන් යන්නේ අනිත් අයට කළ දේවල්. එහෙම බැලුවම මගේ පුතාට අරන් යන්න ගොඩක් දේවල් තියෙයි.” අම්මා ජෙහාන් ගැන කතා කළේ බොහොම ආඩම්බරෙන්, ආදරෙන්. රට ගැන හිතන දරුවන් හදපු ඈ වගේ අම්මලා ගැන අපිටත් ආඩම්බරයි කියලා අපි ඇයට සමුදුන්නා.
