උණුසුම් පුවත්
Search
shinso abey

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ වෙඩි වැදී රෝහල්ගත කරයි

155

හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ බටහිර නාරා නගරයේ දේශනයක් කරමින් සිටිය දී වෙඩි තැබීමකට ලක්වී තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු ඔහුගේ පිටුපසින් වෙඩි ප්‍රහාරය දියත් කර ඇති අතර පපුව ප්‍රදේශයෙන් දරුණු ලේ ගැලීමක් සිදුවන බවයි ජපානයේ NHK ප්‍රවෘත්ති ආයතනය පවසන්නේ.

මේ අනතුරෙන් පසු ඔහු “හෘදය හා පෙණහලු හිරවීමේ” තත්වයක සිටින බව ඔවුන් වැඩි දුරටත් පවසනවා.

2020 දී ඉල්ලා අස්වන තෙක් රටේ දීර්ඝතම අගමැති ධුරය දැරූ අබේ, අද එනම් සිකුරාදා උදෑසන මෙම වෙඩිතැබීමට ලක්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීම සම්බන්ධව නාරා හි පදිංචි 40 හැවිරිදි ටෙට්සුයා යමගාමි නම් පුද්ගලයෙකු සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් වැඩිදුර තොරතුරු වාර්තා නොවන බවයි එන්එච්කේ ප්‍රවෘත්ති ආයතනය වැඩිදුරටත් පවසා ඇත්තේ.

Source : The Guardian




Leave a Reply

Your email address will not be published.