කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ මූල්‍ය පහසුකම් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට හේතු වී ඇත්තේ ණය ගෙවීමට, ශ්‍රී ලංකාවට නොහැකි වීමෙන් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටිනවා.
ඒ අනුව ඩොලර් කෝටි 57ක මුදලක් ගෙවීම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි ජාත්‍යන්තර ගුවන් පථයන්ට අනුරූප වන පරිදි නව සැලැස්මකට අනුව ගුවන්තොටුපල සංවර්ධනය කිරීමයි.
ජපන් – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්හුවා අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබිණි.
නව ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ඉදිකර අවසන් වනවිට බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන් යානා නැවැත්වීමේ අංගන ප්‍රමාණය 49ක් දක්වා වැඩි වන අතර එමගින් දැනට පවතින ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් දෙගුණයක් වනු ඇති බවටයි විශ්වාසය පළ කෙරුණේ.
ලොව නැගෙනහිර සහ බටහිර යා කෙරෙන ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි සංවර්ධනය කිරීම එවක පැවති මහින්ද චින්තනයේ මෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද ප්‍රමුඛ ප්‍රතිපත්තියකි.