අපේ රටේ කලා ක්ෂේත්‍රයේ බොහෝ ඉහළින්ම කතාබහට ලක්වෙන පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ. ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ සිට ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ මෙන්ම දරු තිදෙනා ද මෙරට කලා ක්ෂේතර්යේ නිරන්තුරුව කැපී පෙනෙන සහ කතාබහට ලක්වෙන චරිත.
කෙසේ නමුත් මේ පවුලට ඉන්න එකම දියණිය තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. ඇය නිවේදනයට, ගායනයට, රංගනයට මෙන්ම නර්තනයටත්වි ඉන් ඔබ්බට ගිය කල්හි සිතුවම්කරණයටත්වා, කථිකත්වයටත් උපන් හපන් චරිතයක්. මාධවී පළමු විවාහයෙන් වෙන්ව මිලාන් සිල්වා සමඟ පසුකාලීනව විවාහ වන්නේ දෙවන වරට විවාහ දිවියට ඇතුලත්වයි. විවාහයෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් දකින්නට ලැබුණත් වසරකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප හෝ වෙනත් කිසිවක් සමාජ මාධ්‍ය තුළින් දකින්න ලැබුණේ නැහැ.
ඇයගේ පළමු විවාහයේ සේයාරූ පහතින්.

එසේම මාධවී ඇගේ ෆේස්බුක් ගිණුමෙන් මිලාන් සමඟ පෙනී සිටි සියලු ඡායාරූප ද ඉවත් කර ඇති බවයි නිරීක්ෂණය වන්නේ.

මිලාන් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට මාධවී සමඟ පෙනී සිටින ඡායාරූපයක් අවසන් වරට එක් කර ඇත්තේ, 2021 වසරේ අගෝස්තු 6වන දිනයි.
ඒ, මාධවීගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරමින් පළ කළ සේයාරුවක්.


අනතුරුව සමාජ මාධ්‍ය ගිණුම තුළ මෑතක යම් යම් පළකිරීම් සිදු කළ මිලාන්, පසුගිය දිනෙක නෙළුම් කුළුණ නැරඹීමටමත් පිරිසක් සමඟ ගොස් තිබුණා.
නමුත් ඒ කිසිදු ඡායාරූපයක මාධවීව දැකගත හැකිවන්නෙ නැහැ.

මීටත් වඩා විශේෂත්වය වන්නෙ මිලාන් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ “රිලේශන්ෂිප්” යොමුව තුළින්ද මාධවීගේ නම ඉවත් කරගෙන තිබීමයි.

ඔවුන් දෙදෙනාම ඔවුනොවුන්ගේ මිතුරු ලැයිස්තුවෙන් ද ඉවත්ව ගොස් තිබෙන බව අපට නිරීක්ෂණය වුණා.

කෙසේ වෙතත්, මාධවී සමඟ ගත් මුල්කාලීන සේයාරූ බොහෝමයක් ඔහු සිය ෆේස්බුක් ගිණුමින් ඉවත් කරගෙන නැහැ.
නමුත්, ඉන්ස්ටග්රෑම් ගිණුමින් ඔහු ඒ සියලු ඡායාරූප ඉවත් කොට තිබෙනවා.

මාධවී වත්සලා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමෙන් මිලාන්ගේ ඡායාරූප බොහෝමයක් ඉවත් කරගෙන ඇති බවට අපට නිරීක්ෂණය වුණා.

පවුලේ පිරිස් සමඟ සැමරූ මාධවීගේ උපන්දිනය සැමරූ ඡායාරූප ගොන්නෙත් මිලාන් පෙනී සිටින්නට නැහැ.
මාධවී යූටියුබ් නාලිකාව තුළ ඔහු විසින් තිළිණ කරන ලද කැමරාවෙන් ලබාගත් වීඩියෝ පට සියල්ල ද මාධවී විසින් ඉවත් කොට තිබෙනවා.



Source – Hiru Gossip