කලා ක්ෂේත්‍රය තුළ සිටින කාගෙත් ආදරය දිනාගෙන සිටින ආදරණීය රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ෂානි කියන්නෙ. ඇය 2015 වසරේ දී ස්වාධීන රූපවාහිනී සේවයේ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ රූමත් තරුණියක්. ක්ෂේත්‍රයට ආධුනික රංගන ශිල්පිනියක් වුවත් ඇය කිසිදු ආධුනිකත්වයක් නොපෙන්වා සිය රංගන කටයුතු සිදුකරනු ලබනවා. ඇය නිරූපිකාවක් ලෙසත් නිවේදන ශිල්පිනියක් ලෙසත් සිය වෘත්තීමය ජීවිතය ගෙන යමින් සිටිනවා. සිදූ, පැහැසරා, සද එළිය ආදී ටෙලි නාට්‍ය තුළ අතිශය ජනප්‍රියත්වයක් දිනා සිටින ඇය මේ වන විට රිදී තිරය සඳහා ද අවතීර්ණ වෙලා ඉන්නවා.ඉතිං අද අපි කතා කතාකරන්න සිතුවේ ඇය පිළිබඳව.ඇය ඇයගේ කතාව පටන් ගත්තේ මෙහෙමයි.

ඇත්තට මගේ ලස්සන ඉස්සර ඉඳන්ම තියෙන දෙයක්. ඒ නිසා මම හැම අවුරුද්දකම අපේ ගමේ පැවැත්වෙන බක් මහ අවුරුදු කුමරිය ලෙස ජයග්‍රාහි කිරුළ දිනා ගන්නවා. ඉතිං ස්වාධීන රූපවාහිනී සේවයෙ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවට පස්සේ තමයි මට මේ තරම් දුරක් ඒමට පුළුවන් වන්නේ. නිසා මුලින්ම මම ස්වාධීන රූපවාහිනී සේවයට මගේ විශේෂ ස්තූතිය පුද කරනවා. ඊට පස්සේ මට රංගන ක්ෂේත්‍රය සඳහා ආරාධනා ලැබෙනවා.

ඇත්තටම මගේ පවුලෙ කට්ටිය මම රඟපානවට මුලින් ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. අද ඇත්තටම අපි අපේ ගමේ වැදගත් විදිහට ජීවත් වෙලා ඉන්න මිනිස්සු. එනිසා මේ ක්ෂේත්‍රය තුළ කටකතා හැදෙනවා වැඩි නිසා එයාලා මුලින් කැමති වුණේ නැහැ. ඊට පස්සේ මගේ පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම රටම කතා කරන්න ගත්තට පස්සේ එයාලා මගේ රඟපෑමට ලොකු සහයෝගයක් ලබා දුන්නා. පොඩි කාලේ ඉඳන්ම මට උරුම වෙලා තිබ්බ ලස්සනක් තිබුණ නිසා අවුරුදු 15 දී දැන් මට ආදර යෝජනා ගලාගෙන එනවා.

ඇත්තටම මම දකින විදිහට රූපෙටයි දක්ෂතාවයටයි ආදරය කරලා වැඩක් නැහැ. මම ඒවා සැබෑ ආදරයක් ලෙස දකින්නේ නැහැ. සැබෑ ආදරය කියල කියන්නෙ රූපෙට නෙමෙයි හදවතින් එකතු වෙන බැඳීම් වලට. මම මගෙ රූව ගැන සැලකිලිමත් වෙන කෙනෙක්. ඒ උනාට රංගනය සඳහා රූපය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා දක්ෂතාවයන් හැකියාවත් ඉවසීමත් උනන්දුවත් කියන හැම දෙයක්ම ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. මම අද යම් තැනක ඉන්නව නම් ඉන්නෙ ඒ නිසා කියලා මම විශ්වාස කරනවා.
යනුවෙන් තමයි ඇය පවසා සිටියේ. ඉතින් ඇගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
