උණුසුම් පුවත්
Search
rukmal senanayake

”මේකට මට බැන්නත්, නොබැන්නත් එකයි” – ලක්ෂ 16ක ඇදුමක් ඇඳන් චන්දිගේ පාටියට ගිය රුක්මාල්

4147

චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය කියන්නෙ, සාදය ඉවර වුණාට ඒ ගැන කෙරෙන කතාබහ ලේසියෙන් ඉවර නොවෙන අන්දමේ සුපිරි වැඩක්….. කතා කරන්න දේවලුත් සෑහෙන්න පිරුණු තැනක් ඒක. මෙවරත් ඔහුගේ උපන්දින සාදය ඒ විදියට කතාබහ කරන්න කාරණා ගොඩක් ඉතිරි කරලා තිබුණා…. ඒ අතර කාගෙත් ඇස් හොරාගත් ”ඇඳුම් විලාසිතාවක්” ගැනයි මේ සටහන.

රුක්මල් සේනානායක කියන්නෙ නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළින්ම රැඳුණු නමක්. ඒ වගේම ඔහු චන්දිමාල්ගේ ළඟම මිතුරෙක්. ගෙවුණු 31 රෑ රාජකීය සාදයට ආව කවුරුත් රුක්මල්ගේ විලාසිතාව ගැන කතා නොකළ සිටියා නම් ඒක වෙන්නම බැරි වැඩක්. මොකද කවදත් ආකර්ෂණීය තේරීම් කරන ඔහු මෙවරත් තෝරගෙන තිබුණේ වෙනස් අන්දමේ අපූරු විලාසිතාවක්.

May be an image of 2 people, suit, wedding and dais

චන්දිමාල්ගේ උපන්දින සාදය කියන්නෙ නිකන්ම නිකන් බර්ත්ඩේ පාටියක් නෙවෙයි. ඒක මෙරට නිරූපණ ක්ෂේත්‍රයේත් කලාවේත් දැවැන්තයින් මුණගස්වන වේදිකාවක්.

ඉතින් එහෙම තැනකට කවුරුත් සැලකිලිමත් වෙනවා, අදාළ තීම් එකට අනුව ”අනර්ඝම” විලාසිතාවකින් හැඩවෙන්න. ඒක තරඟයකටත් වඩා, තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් කරන දෙයක්. අන්න එහෙමයි රුක්මල් ද සෑම වසරකම සුවිශේෂී විලාසිතාවක් එක්ක, තමන්ගේ අනන්‍යතාව විදහා දක්වන්නෙ…..

කොහොම නමුත් මෙවර ඔහුගේ තේරීම ඉහළ වටිනාකමකින් යුක්ත වුණා. ඒක ගණනින් කිව්වොත්, ලක්ෂ 16කට එහා ගිය වටිනාකමක්…..

May be an image of 5 people

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇඳුමකට ඇයි එච්චර ගාණක් වියදම් කරන්නෙ?, ඒ සල්ලි අසරණයින් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්නෙ කියලා….

අන්න ඒකට රුක්මල් දුන්නු උත්තරේ තමයි මේ…

”චන්දිමාල් ජයසිංහයන් මේ වගේ Platform එකක් හදලා තියෙනවා…. මම Choreographer කෙනෙක්. මං වටා ළමයි දාහක් දෙදහාක් ඉන්නවා, ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ. ජාත්‍යන්තර ජයග්‍රාහකයින් ඉන්නවා…. ඉතින් මම හිතනවා මම වෙනස් දෙයක් කරන්න ඕනි.

May be an image of 2 people and text

මුදල් කියන දේ මෙතෙන්ට මම දාගන්නවට වඩා මට ආස දේ මම කරනවා. මම මේ වගේ දේකින් සමාජෙ අතරට ගියාට මම තරම් දුප්පත් මිනිස්සුන්ට, අහිංසක මිනිස්සුන්ට, පන්සල්වලට උදව් කරපු කෙනෙක් නැතුව ඇති….. හැබැයි ඒ හැමදේම බොහොම නිහඬව කරන කෙනෙක්.

May be an image of 2 people

මම පෞද්ගලිකව ආස නෑ කැමරාවක් අරගෙන ගිහිල්ලා යම් කෙනෙක්ගෙ චරිතයට හානි වෙන දෙයක් කරන්න…. එහෙම කරන අයට මම වැරදියි කියන්නෙ නෑ, ඒක තමන්ගෙ කැමැත්ත….

May be an image of 2 people

මගේ කමැත්ත, මම උපයපු දේවල්වලින් කොටසක් අනිවාර්යෙන් අපේ රටේ දුප්පත් නංගිලා මල්ලිලා ඉන්නවා, අම්මලා තාත්තලා ඉන්නවා ඒගොල්ලන් වෙනුවෙන් දේවල් කරනවා…. ඉතින් මට අවශ්‍ය නෑ ඒකෙන් මාකට් වෙන්න. මම එහෙම කෙනෙක් නෙවෙයි. මේකට මට බැන්නත්, නොබැන්නත් එකයි. මගෙ හෘද සාක්ෂිය විතරයි මම බලන්නෙ.

මම හරි නම්, මම කරන දේ හරි නම් මේ ලෝකෙම මට විරුද්ධ වුණත් හිතන්නෙ නෑ ඒක මට ප්‍රශ්නයක් කියලා…”

No photo description available.

May be an image of 1 person

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.