උණුසුම් පුවත්
Search
kavindya

”අන්තිම මොහොතේවත් මට ළඟ ඉන්න බැරි වුණ එක ගැන දුකයි” – කවින්ද්‍යා, නුවන් ගුණවර්ධනයන් ගැන තැබූ සංවේදී සටහන

7359

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා පසුගිය දා සිය දිවි සැරිය නිමා කළා. ”පාවී ගියාවේ ළඳේ මා ඔබේ”, ”කඳුළින්ම ගැයූ පෙම් ගීතේ”, ”කිරි මුහුදු වෙරළේ” ආදී ජනප්‍රිය ගී රැසක් ඔහු ගායනා කර තිබේ. නුවන් ගුණවර්ධන මහතා නව පරපුරේ ගායන හා රංගන ශිල්පී ගයාන් ගුණවර්ධන ඇතුළු දරුවන් දෙදෙනකුගේ පියෙකි. නුවන් ගුණවර්ධන මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ජීවිතයෙන් සමුගෙන ඇත. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා ඔහු රෝහල් ගත කර ටික වේලාවකින් මෙලෙස සමුගෙන ඇත. සිංහල චිත්‍රපට ගීත ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකු වූ නුවන් ගුණවර්ධනයන් චිත්‍රපට 65කට පමණ ගීත ගායනා කර තිබේ.

image 132

ගුවන් යාන්ත්‍රික ඉංජිනේරුවෙක් ලෙස ලංකා ගුවන් සේවයේ සේවය කළ ඔහු ගීත ගායනයට පිවිසියේ රැකියාව අතරතුර විනෝදාංශයක් ලෙසිනි. මර්වින් බේන්ස් ශබ්ද පරිපාලන ශිල්පියා ඔහුගේ හඩ හඳුනාගෙන චිත්‍රපට පසුබිම් ගායනයට යොමු කළේය.

නමසිය අසූ‍ව දශකයේ ඔහුගේ හඩින් ගැයුණ හින්දි ගීත අතිශය ජනප්‍රිය විය. ප්‍රසංග වේදිකාවට ඔහු නැතුවම බැරි ගායන ශිල්පියෙක් බවට ද පත්විය. අසහාය ගායන ශීල්පි එච්.ආර්.ජෝතිපාලයන්ගේ වියොවෙන් පසු සිංහල සිනමාවේ ඔහු නැති අඩුව ටිකක් හෝ පිරවුයේ නුවන් ගුණවර්ධනයන්ය. ඔහු ගායනා කල “කිරි මුදූ වෙරලේ” ගීතය මෙන්ම “කඳුළින්ම ගැයු පෙම් ගීතේ” ,”ළා සඳ එලියේ” , “මා පැතු ලොකේ”, “පාවී ගියාවේ ළදේ” ඉතා ජනප්‍රිය වු ගීත අතර වේ.

නුවන්ගේ බිරිය රමෝනාය. ඔවුනට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා නුවන්ගේ දියණිය දුලාරිය. ඇය ව්‍යාපාරික ක්ෂෙත්‍රයෙහි කටයුතු කරන්නියකි. නුවන්ගේ පුත් ගයාන් ගුණවර්ධනත් ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු මෙන්ම නව පරපුරේ ආදරය දිනූ ගායකයෙකු මෙන්ම නිවේදකයෙකු ලෙස ද කටයුතු කරයි.

image 134

නුවන් ගුණවර්ධන ගේ අභාවය පිළිබඳ කලා ක්ෂේත්‍රයේ බොහෝ අය සමාජ ජාල ගිණුම් තුල සිය ශෝක පණිවිඩ සටහන් කර තිබෙනු දක්නට ලැබුණි. මේ අතර විශේෂිත වූ එක් පණිවිඩයක් බොහෝ දෙනාගේ අවදානය යොමු කරගන්නට සමත්ව ඇත. ඒ ගයාන් ගුණවර්ධනගෙ හිටපු පෙම්වතිය වුණු කවුරුත් හඳුනන කවින්ද්‍යා අධිකාරි විසින් නුවන් ගුණවර්ධන මහතා වෙනුවෙන් තැබූ ශෝක සටහනයි.

image 135

”මම දන්න කාලේ ඉඳන් අද වන තුරු call එකක් අරං Dada කිව්ව ගමන් මාව අඳුරගෙන Baba කියලා ආදරෙන් කතා කරපු ඔයා අද නිහඬ වෙලා… අන්තිම මොහොතේවත් මට ලඟ ඉන්න බැරි උන එක ගැන දුකයි… ඔයා වගේ හොඳ මනුස්සයෙක් මගේ ජීවිතේට ලැබිලා මට මගේම තාත්තා වගේ දැනිචච ඔයා, හොඳ තැනක ඉපදෙයි කියලා මම දන්නවා… නිවන් සුව මගේ Dada”

image 133

එම සටහන පහතින්.

image 131