උණුසුම් පුවත්
Search
shihan

”බිරිඳට මාව ශිහාන් කියන සෙලිබ්‍රිටි නෙවෙයි, එයා එදා ආදරය කරපු ශිහාන් අයියම තමයි” – ශිහාන් මිහිරංග

1122

ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය තුළ අන් කිසිවකු නොලද වරමක් හිමි වූ ගායකයා ඔහුය. නිවි නිවී දැල්වෙන තාරකා සිය ගණනක් අතරේ දශක 02කට ආසන්න කාලයක් පුරා එක ලෙස දීප්තිමත්ව බබළන්නට සමත් වූ ඔහු අප සතුව සිටිනා සැබෑම සුපිරි තරුව වන්නේය. මීට වසර 18කට පෙර ඔහුගේ නම කියමින් හඬ නැඟූ ප්‍රේක්ෂකාගාරය අද වන විට සිය ගුණයකින් වර්ධනය වී ඔහුගේ ප්‍රසංගයක් නරඹන්නට ටිකට් පතක් ලබා ගැනීම වෙනුවෙන් පෙළ ගැසී සිටින අයුරු දැකගන්නට ඇත. මේ අන් කිසිවකු නොව යුගයක් උන්මාදයට පත්කළ ආදරණීය ගායකයා ශිහාන් මිහිරංගය.

මේ දවස්වල විස්තර ටිකක් කියලම ඉමු?

මේ දවස්වල මගේ කොන්සර්ට් සීරීස් එකක් පටන්ගෙන තිබෙන්නේ, ”ඩ්‍රීම්ස් ඔෆ් ශිහාන්” කියලා. ඕස්ට්‍රේලියා වල ෂෝස් හතක් කළා. මේ දවස්වල ලංකාවෙත් පටන්ගෙන තිබෙන්නේ. මීට සති 02කට පමණ පෙර අපි කොළඹ ෂෝ එක සාර්ථකව අවසන් කළා. ඊළඟට ඊයේ කුරුණෑගල එපිටම් හොටෙල් එකේ තවත් ෂෝ එකක් සාර්ථකව නිම කළා. ගොඩාක් හොඳ ප්‍රතිචාර හම්බෙනවා. ලංකාවේ ෂෝස් 10ක් ප්ලෑන් කරලා තිබෙනවා. මේ දවස්වල වෙන වැඩ භාරගන්නේ නෑ. මේ කොන්සර්ට් සීරීස් එක තමයි ලංකාවෙයි පිටරටයි දෙකේම පවත්වන්නේ…..

394641164 1335592997347440 3939917731744181651 n.jpg? nc cat=101&ccb=1 7& nc sid=5f2048& nc eui2=AeEM3N8urp ktJ3mxegwDoamvHAJGAlrECy8cAkYCWsQLN2C8ISFLZLKUVftjCc3yB4kCRUFBFXspoCvd5AvNFf8& nc ohc=ND3sUpC9DdkAX Ku1F9& nc oc=AQmQcj24VB2Ej9vXe XAKKROLFbjzqwwLSLP5OY LT5RtoAqfc5CmF6fMyCYlSz2v700RvFTT66LOaAO4pcGlf8 & nc zt=23& nc ht=scontent.fcmb11 1

2005, 2006 වසර වල ශිහාන් කියන්නේ උන්මාදයක්, අවුරුදු 18කට පස්සෙත් කොහොමද ඒ උන්මාදය එහෙමම තියාගන්නේ?

ඇත්තටම ඒකට හේතුව මම දන්නෙත් නැහැ. හැබැයි මම ගොඩක් ආදරය කරනවා මගේ වෘත්තියට. මිනිස්සු ඔවුන්ගේ ආදරය මට ප්‍රකාශ කළේ එස්.එම්.එස්. හරහා. ඒ නිසාම ඒ අයට අපරාදේ මම මේ මනුස්සයාට වෝට් කළේ කියලා ලැජ්ජ හිතෙන්න කිසිම දෙයක් මම කරලා නැහැ මේ අවුරුදු ගාණටම. ඉතිං මම හිතනවා ඒ නිසාම රසිකයන්ට මං ගැන ආදරයක්, ගෞරවයක් වගේම මම එයාලගෙම කෙනෙක් කියලා දැනෙනවා ඇති කියලා. මම සංගීතයේ රැඳිලා ඉන්නේ මගේ රසිකයෝ නිසා. මගේ හයිය එයාලා. ඒ නිසාම මම එයාලා එක්ක හැමදාම ඉන්නවා. මගේ රසිකයන්ට මම නිසා ලැජ්ජ වෙන දෙයක් මම කවදාවත් කරන්නේ නැහැ. ඒක නිසාම මම හිතන්නේ රසිකයන්ට මං ගැන තිබෙන්නේ ආදරයකට, ගෞරවයකට වඩා එයාලගෙම කෙනෙක් කියන හැඟීම.

කොළඹ පැවැති ඩ්‍රීම්ස් ඔෆ් ශිහාන් ප්‍රසංගයේදී ගෙදර ගෙනියන්න බැරි තරම් මල් හම්බුණා කියන්නේ ඇත්තද?

ඒක මටත් හිතාගන්න බැරි දෙයක්. අවුරුදු ගාණකට පස්සේ මගේ සොලෝ කොන්සර්ට් කරන්නේ. 2009 වෙනකම් මම සෝලෝ කොන්සර්ට් 42ක් පමණ කළා. කොළඹින් පටන් ගත්ත මේ සීරීස් එකේ එහෙම ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හිතුවේ නැහැ. මල් නම් ලොරියක් විතර ලැබුණා.

May be an image of 1 person and crowd

අපි දන්නා ඉතිහාසය තුළ මෙවැනි කැරිස්මාවක් හිමි වූ එකම ගායකයා ඔබ. ඒ ගැන මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ?

මම හිතනවා ඒකට මගේ ගායන කැපෑසිටි එක හේතුවක් වුණේ නැහැ කියලා. එහෙම වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන් මම ආවෙත් ඉතාමත් පොඩි පවුලකින්. එහෙම තැනකින් ඇවිත් එතැනත් ප්‍රතික්ෂේප වෙලා ඒ සියල්ල විඳදරාගෙන එයාලත් එක්කම ඇවිත් එයාලගේ හීන වලටත් උදවු කරන අවස්ථා එයාලා දැක්කනේ. මම ජජ් කෙනෙක් විධියට ඉද්දි මට දැනුණා මිනිස්සු මාව ගොඩාක් වැලඳ ගත්තා කියලා. මම එදා සිංදු කියද්දි මට දැනිච්ච දේ නිසා තව දරුවෙක් ඇවිත් සින්දු කියද්දි මම ඒකට උත්තර දුන්නේ මම ඉන්නවා කියලා හිතාගෙන. ඒකෙන් මම එයාලට ගොඩක් ළං වුණා. ඒ වගේම මගේ යම් යම් දේශපාලන මත ඉදිරිපත් කරද්දි මම ගොඩාක් වෙලාවට හිටියේ මම ඉස්සර හිටපු මගේ හයේ අටේ කාමරයේම තමයි. මම දැන් ඉන්න තැනට වඩා මම හිටපු තැන ඉන්න මිනිස්සු ටික මෙතැනට ගේන්න අවශ්‍යයි කියන දේ තමයි මම හිතුවේ. ඉතිං මට හිතිලා තිබෙනවා. මිනිස්සු මට දැන් ආදරය කරන්නේ ගීතයටම නෙවෙයි ඔය දේවල් එක්ක මගේ හැමදේටම කියලා.

ශිහාන් මිහිරංග කියන්නේ මේ රටේ තරුණියන්ගේ සිහින කුමාරයා. ඒක අදටත් එහෙමයි. ඔබට හිමිවෙන මේ අසීමාන්තික ප්‍රතිචාර ගැන බිරියගේ අදහස මොකක්ද?

මාත් එක්ක ඇය යාළු වෙද්දිත් මම මියුසික් කරන කෙනෙක්. මම සින්දු ලියන්න, මෙලඩි හදන්න පටන් ගත්තෙත් ඇය දැකලා ඇතිවුණු හැඟීම් නිසා. 2002 වර්ෂයේදී මම ඇයත් එක්ක යාළු වෙද්දිත් මම පාසල ඇතුළේ ජනප්‍රිය චරිතයක්. ඒ කාලේත් මගේ වටේට අක්කලා, නංගිලා ගොඩක් හිටියා. ගිටාර් එකක් අරන් සින්දු කියන පිරිමියෙක් වටේ ගැහැනු පිරිසක් ඉන්නවා කියන දේ ඇය දැනගෙන සිටියා. එයා එදත් කොළඹ ෂෝ එක බලන්න ඇවිත් හිටියා. මගේ බිරිය, දරුවෝ ඒ දේවල් දැකලා සතුටු වෙනවා. එයා ප්‍රාර්ථනා කරන්නේ ශිහාන් කොහෙ හරි ගියොත් ගැහැනු, පිරිමි එයාව වටකරගන්නව කියන දේ. මම රටකට ගිහින් ෂෝ එකක් කළත් එයා අහන්නේ අද මොකද වුණේ, අද මොකුත් වුණේ නැද්ද කියන දේ. මම හිතන්නේ මගේ ගමනට ලොකුම හේතුවත් ඒක.

May be an image of 3 people

ජනප්‍රිය පුද්ගලයෝ හා විවාහ වන බොහෝ පිරිස තම සැමියා හෝ බිරියා හරහා ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා, නමුත් ඔබේ බිරිය බොහෝම නිහඬයි ඇයි ඒ?

ඇත්තටම එහෙම කිසිම විශේෂ හේතුවක් නෑ. අඩුම ගානේ මාත් සමඟ ෂෝ එකකට හෝ යන්න එන්න අහන්නේ නෑ…. මොකද ඇය හිතනවා ඒකෙන් මට ඩිස්ටර්බ් වෙයි කියලා. කොළඹ ෂෝ එකේදිත් මම තමයි ඇයට එන්න කියන දේ කිව්වේ. එයා ගුරුවරියක් සහ පෞද්ගලික බැංකුවක වැඩ කරපු කෙනෙක්. අපේ පළමුවැනි දරුවගෙන් පස්සේ තමයි ඇය ගෙදර නතර වුණේ. ඇත්තටම ඇයට හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක් තිබෙනවා සහ මගේ නම පාවිච්චි කරලා හම්බකරන්න හෝ ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැහැ සහ ඇය කිසිම තැනකදී මගේ ෆේම් එක පාවිච්චි කරන්නේ නෑ. ඇයට මාව ශිහාන් මිහිරංග කියන සෙලිබි්‍රටි නෙවෙයි. ඇය එදා ආදරය කරපු ශිහාන් අයියම තමයි. ඒක එහෙම වුණාම හරි ලේසියි….

අලුතෙන් බිහිවන රියැලිටි තරුවලට තමන්ටම අනන්‍ය වූ ගමනක් හදාගන්න දිය හැකි උපදෙසක් තිබෙනවද?

පළමුවැනිම දේ තමයි අපිට තිබෙන පොඩි හරි ටැලන්ට් එක ගැන අපිට අභිමානයක් තිබිය යුතුයි. ඒ අභිමානය තරගකරුවාට තිබෙනවා කියලා ආයතනය දැක්කොත් ආයතනය ඒ තරගකරුවන් සමඟ හැසිරෙන්නේ වෙනස් විධියට. එහෙම අභිමානයක් තිබෙන කෙනෙක්ව පාගාගෙන හූරාකන්න උත්සාහ කරන්නේ නැහැ. අනෙක්් කාරණය තමයි, චැනල් එකක රියැලිටි තරගයකට යන තරගකරුවෙක්ට අතිවිශාල අවස්ථාවක් ලැබෙනවා නොමිලේම තමන් වෙනුවෙන් ගුවන් කාලයක් ලබාගන්න. එතැනදී ඔවුන් බුද්ධිමත් විය යුතුයි කතා කරන දේකින් පවා තමන්ට වැඩක් කරගන්න. සින්දුවක් කිව්වත්, හිනා වුණත්, ඇ¾දුමක් ඇන්දත්, තමන්ගේ ෆියුචර් එක හදාගන්න පුළුවන් විධියට වැඩ කරන්න පුළුවන් විය යුතුයි. එහෙම නැතිවුණාම අපිව පාවිච්චි වෙනවා. පාවිච්චි වුණාම අපේ සාරය ඔක්කොම ගිහින් අපිට මුල් ඇදගන්න බැරි වෙනවා. ඒ වගේම වෙලාවට තමයි කියන්නේ තරු බිහිවෙනවා නිවිලා යනවා කියලා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රසංග ගැනත් මතක් කරමු?

කුරුණෑගල ෂෝ එකෙන් පස්සේ අපි ප්ලෑන් කරනවා නුවර, ගම්පහ, මීගමුව, ගාල්ල, මාතර, අනුරාධපුර සහ මේ වෙද්දි එංගලන්තයේ ෂෝ එකේ වැඩකටයුතු කරන ගමන්. ඒ වගේම කැනඩාව සහ ඇමරිකාවෙත් ප්‍රසංග පැවැත්වීම සඳහා සාකච්ඡා සිදු කෙරෙමින් පවතිනවා….

No photo description available.

අක්ෂි මාපා වීරසිංහ