මංජුලා කුමාරි කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම නිහතමානි රංගන ශිල්පිනියක්. ඇයගේ නම මංජුලා වුවත් ගොඩක් දෙනෙක් ඇයට කතා කරන්නෙ ඕලු කියන නමින්. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කරන ලද ඕලු ටෙලි නාට්‍යයේ ඇය දැක්වූ රංගන කුසලතාවය නිසාමයි. ඇය රංගන නිර්මාණ බොහෝ ප්‍රමාණයකට සහභාගි වුවත් ටික කලකට පසුව ඇයව අපට දකින්නට ලැබුණේ නැහැ. නමුත් ඇය යළිත් හිරු ටීවී විකාශය කරන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍ය හරහා අපට දැකගන්නට පුළුවන්. ඉතින් ඇය පසුගිය දිනක දී එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් තුළදී ඇයගේ නවතම තොරතුරු පිළිබඳව රසිකයා සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

මේ දවස් වල නම් දරුවන්ගේ වැඩ කටයුතුත් කරගෙන ප්‍රවේශමෙන් හොඳින් ජීවත් වෙනවා. මෑතකදී හිරු ටීවී නාලිකාව ඔස්සේ විකාශය වු සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍ය සඳහා මට ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. එහිදී මම රඟපාන චරිතය හරිම ආදරණීයයි. මින් පෙර මම රඟ දැක්වූ ඕලු ටෙලි නාට්‍ය සඳහා ගොඩක් ලොකු ප්‍රේක්ෂක පිරිසක් මා වටා එක් වුණා. ඇත්තටම ඕලු කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. මම රසිකයන්ගේ හදවතේ මතක හිටින චරිතයක් වෙන්නේ ඕලු ටෙලි නිර්මාණය හරහා.

වර්තමානයේ කලා ක්ෂේත්‍රය තුළ යම් යම් ගැටලු පැන නැගී තියෙනවා. අපි ක්ෂේත්‍රයට ආපු කාලයත් එක්ක ගත්තම වෙනස්කම් කීපයක්ම දකින්න ලැබෙනවා. ඇත්තටම ගුණාත්මක නිර්මාණ කෙරෙනවා සාපේක්ෂව අඩුයි. මාධ්‍ය නාලිකා වලින් නිර්මාණ සඳහා ගෙවන මුදල ආදියත් ඒ සඳහා බලපානවා. මමත් නිෂ්පාදිකාවක් විදියට ඒ දේවල් වලට මූණ දීලා තියෙනවා. ඒකට ඉතින් එක පාර්ශ්වයකට විතරක් දොස් කියන්න බැහැ. රටේ ආර්ථිකයත් ඒ සඳහා මූලිකවම බලපානවා.

මොකක් හරි දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුලුවන් උනාට ජනප්‍රිය වෙන්න බෑ. බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියයි ජනප්‍රියත්වයයි පටලවගෙන තියෙන්නෙ. ඒ වගේම ලැබෙන ජනප්‍රියත්වය රැකගන්න බොහෝ දෙනෙක්ට තේරුමක් නැහැ. ඒ වගේම ප්‍රසිද්ධියෙන් හිස උදුම්මවගෙන කටයුතු කරනවා මම දැකලා තියෙනවා. ඵලබර වෙන්න වෙන්න නිහතමානි විය යුතුයි.
මෙන්න මේ විදිහට තමයි ඇය ඇයගේ අදහස් ප්‍රකාශ කරලා තිබුණේ. ඉතින් රංගන ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ නිහතමානී කලාකාරිනියක් වන ඇයගේ සියලුම පැතුම් ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
