උණුසුම් පුවත්
Search
volga 1 1

”හොදම යාලුවන්ට පවුල් කන්න අමාරුයි” – හොඳම යාලුවා එක්ක විවාහ වුණ වොල්ගා දැන් කියන කතාව

1315

චරිතාංග රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇය රංගනයෙන් දායක වෙන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ ටුටූ සහ ‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගුණාදරී චරිතයට ඇයට වැඩි රසික ආකර්ෂණයක් ලැබෙනවා. ඉතින් වොල්ගා කියන්නේ රංගන ජීවිතය හරි අමාරුවෙන් ලබා ගත්ත කෙනෙක්. ඒ වගේම ඇය රංගන ක්ශේෂ්ත්‍රයට බොහොම ආදරය කරන කෙනෙක්.

May be an image of 1 person and smiling

වොල්ගා කල්පනී දක්ෂ රංගන ශිල්පිනිය පසුගිය දා සම්මානයකට පාත්‍ර වුණේ ගුණාදරී කියන අන්ධ චරිතය හරහායි.

May be an image of 1 person

රංගන ජීවිතය එහෙම වුණත් කවුරුත් ආදරය කරන වොල්ගා කල්පනී රංගන ශිල්පිනියගේ පෞද්ගලික ජීවිතය ගැන නම් කතා කරන්න තියෙන්නේ තරමක් දුක්ඛිත විදියටයි….. ඇය මේ වන විට විවාහයෙන් වෙන් වෙලා තනිකඩ ජීවිතයක් ගත කරනවා. වොල්ගා විවාහ වෙලා හිටියේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගේ සමගයි.

May be a closeup of 1 person

කොහොම නමුත් දැන් හර්ෂණ බෙත්මගේ නම් යළිත් විවාහ දිවියට පිවිසිලා තමයි ඉන්නේ. එහෙම නමුත් තනිකඩව ඉන්න වොල්ගා, ඇගේ අදහස් මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

”මම විවාහ වෙලා හිටියේ මගේ හොදම යාලුවා එක්ක…. හොදම යාලුවන්ට පවුල් කන්න අමාරුයි. මම ඔහු එක්ක කිසිම අමනාපයක් නෑ. නමුත් මම නැවත විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ. මම කොන්දේසි විරහිතව ආදරේ කරන කෙනෙක්. ජීවිතේ සමහර අවස්ථාවලදී හිතෙනවා හයියට කවුරුහරි හිටිය නම් හොදයි කියලා…. ”

May be a closeup of 2 people and people standing