උණුසුම් පුවත්
Search
bhumi harendran

”ළඟදී තමයි මම එයාට යන්න දෙන්න තීරණය කළේ” – අවුරුදු පහමාරක ආදරයට සමුදුන් භූමී කියන කතාව

206

භූමි හරේන්ද්‍රන් කියන්නේ සමාජය තුළ වඩාත් කතාබහට ලක් වුණු චරිතයක්. ඒ නිසාම භූමි ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. කාලෙන් කාලෙට විවිධ වූ මාතෘකා ඔස්සේ ජනතාවගේ ආදරය ලබන භූමීගේ ජීවිතේ විශේෂිතම වූ දින කිහිපයක් මේ ගතවෙන්නේ. භුමිගේ රංගනය ඇතුළත් ගීතමය වීඩියෝවක් මේ දිනවල අතිශය ජනප්‍රිය වී තිබෙනවා. ඒ අභිෂේකා විමලවීර ගයන ‘තවම පණ තියෙනවා’ ගීතයේ රූප රචනාව.

‘කිරි වරම් නෑ නේද අහනවා
කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා’

image 8

මෙහි එන පද පෙළ සහ එයටම අනුරූපිව ගොඩ නැගුණු රූප පෙළ ගීතයේ ජීවයට හරි අපූරු පණක් ලබා දී තිබෙනවා. ඒ නිසාම ‘පිනිපලස’ කතාබහ සමඟ භුමි එකතු වී කළ අදහස් දැක්වීමේ ආදය ගැන ඇය කළ ප්‍රකාශය උපුටා ගැනීමක් තමයි මේ.

image 12

භූමිටම විශේෂ වූ ආදරයක් තියෙනවද?

නැහැ. ඇයි ඔයා මම සතුටින් ඉන්නවට කැමති නැද්ද? මට අවුරුදු පහමාරක කාලයක් තුළ මට ආදර සම්බන්ධයක් තිබුණා. බලන් ගියාම ඒක ඒකපාර්ශ්වීය ආදරයක්. මොකද මම විතරයි ආදරේ කරලා තියෙන්නේ. ඒක බොහොම සංකීර්ණ සම්බන්ධයක්. මම ඒ ගැන වැඩි විස්තර නොකියා ඉන්නම්. මොකද ඒ පුද්ගලයාගේ පුද්ගලිකත්වයට මම හානි කරන්න කැමති නැහැ. කොහේ හෝ කා එක්ක හරි සතුටින් ඉන්නවා නම් ඒ ඇති. අදටත් සීමාවක් ඇතුව කතා බහකරනවා. සමහරක් දේවල් තියෙනවා තදින් අල්ලන් ඉන්න ඉන්න අපිට රිදෙනවා වැඩියි. ඒ වගේ දේවල් අතහරින්නයි ඕනේ.

image 9

අතහැරියා කිව්වට මම හිතන්නේ නැහැ තවමත් ඒ දේවල් සම්පූර්ණයෙන්ම අතහැරලා කියලා. එදා වගේම ඒ ආදරේ ඒ විදියටම තියෙනවා. හැබැයි මට එයාව අනිවාර්‌යෙන්ම ලැබෙන්න ඕනේ, මා එක්ක ජීවත් වෙන්න ඕනේ, වගේ ලොකු බලාපොරොත්තු නැහැ. මගේ ජීවිතේ පුද්ගලික ආදරයක් හෝ සම්බන්ධයක් හෝ බිඳවැටීමක් නිසා මගේ අරමුණට යන ගමන නතර කරගන්න බැහැ. බොහොම මෑතකදී තමයි මගේ හිතින් මම එයාට යන්න දෙනවාය කියන තීරණයට ආවේ.

image 10

දැන් මම, මම කියන පුද්ගලයාට ෆෝකස් කරමින් ඉන්නවා. එහෙම කරගත්තොත් තමයි මට මගේ ඉදිරි ගමන යන්න වෙන්නේ. ආයෙත් වතාවක් බිඳෙන්න බැහැ. බොහොම අමාරුවෙන් කෑලි ටික ගම් ගාලා අලව ගත්තේ. මම වඳින දෙවියන්ගේ ආශිර්වාදය ඇතුව කෑලි ටික එකතු කරගෙන මගේ ගමන හිටියට වඩා හයියෙන් යන්න පුළුවන් වෙලා තියෙනවා. ආයේ බිඳෙයි සමහර විට. මොකද අපි දන්නේ නැහැ ආදරයක් ඇතිවෙන නැතිවෙන වෙලාවල්.

image 11