උණුසුම් පුවත්
Search
medicine

අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 188ක් හිඟ බව හෙළිවෙයි

209

මේ වන විට දිවයින පුරා අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 188ක හිඟතාවයක් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියමන රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.

ඔහු රුපවාහිනී නාලිකාවක වැඩසටහන සමග එක්වෙමින් මේ බව අනාවරණය කළේය.

මේ වනවිට ජීවිතාරක්ෂක ඖෂධ වර්ග දෙකක් හිඟ බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේය.

“බෙහෙත් හිඟතාවයට අලුතින් ඇති වුණ තත්ත්වය තමා බලපාලා තියෙන්නේ. විශේෂයෙන්ම අපිට ඩොලර් හිඟය මුලික වශයෙන් බලපාලා තියෙනවා. විශේෂයෙන්ම WHO ආයතනය ඩොලර් මිලියන 73ක්, බෙහෙත් දෙන්න අවශ්‍ය වැඩකටයුතු සම්පාදනය කරලා ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ වගේම ADB ආයතනය ඩොලර් මිලියන 60ක් ලබා දීලා ඒකත් ක්‍රියාත්මක වෙනවා….. ඒ වගේම ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අපි ඩොලර් මිලියන 126ක කටයුතු සිදුවෙමින් යනවා. මේ වනවිට අපේ රටේ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 02ක් හිඟයි. එකක් තමයි rabies serum එක. අනිත් එක Streptokinase එක. ඒක අපිට ගැටලුවක් වෙන්නේ නෑ. Streptokinase වෙනුවට ඊට වඩා හොඳ බෙහෙතක් තියෙනවා. ඒ වගේම rabies serum එක හෙට වෙද්දි අපිට ලැබෙනවා. මීට අමතරව අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 188ක හිඟයක් තියෙනවා. ඒ හිඟය මඟහරවා ගන්න මේ වනවිට කටයුතු කරමින් යනවා.”

මේ අතර, රෝහල් පද්ධතිය තුළ අඩු වී ඇති ඖෂධ වර්ග ගෙන්වා දීමට අවශ්‍ය වුවත් ණයවර ලිපි විවෘත කිරීම ප්‍රමාද වුවහොත් අදාළ ඖෂධ ගෙන්වා දීමට කාලයක් ගතවන බවත් එම ක්‍රියාවලියට ඉතා සංකීර්ණ බැවින් එයට අවම වශයෙන් මාස 02ක් හෝ 03ක් ගතවෙන බවරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ධනංජය සමරසිංහ පවසා සිටියා.




Leave a Reply

Your email address will not be published.