උණුසුම් පුවත්
Search
Untitled design

” විවාහයක් හොයනවාට වඩා මට මාව හොයා ගන්න එක වැදගත් ” – තනූජා ජයවර්ධන

217

තනූජා ජයවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න ඉතාමත්ම දක්ෂ නිවේදන ශිල්පිනියක්.ඇය නිවේදන කටයුතුවලට පමණක් නොව ක්‍රීඩා කටයුතු සඳහා ද ඉතාමත්ම දක්ෂයි.අපිට බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නේ දෙරණ නාලිකාව ඔස්සේයි.ඇය විසින් මෙහෙයවනු ලබන තාල භාෂණ වැඩසටහන මේ වන විට ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වී තිබෙනවා.ඒ වගේම තමයි ඇය දෙරණ නාලිකාවේ විකාශය වු පොදු ටෙලි නාට්‍ය ඔස්සේ අපිට දකින්න පුළුවන් වුනා.ඇය පවසන ආකාරයට ඒ ඇයගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීමයි.ඇය නිවේදන ක්ෂේත්‍රය තුළ ඉහළ තලයේ නමක් දිනාගෙන සිටින්නේ ඇගේ තිබෙන දක්ෂතාවය නිසාමයි.වසර ගණනාවක් මුළුල්ලේ නිවේදනය හරහා රසිකයන් පිනවන ඇය එක්තරා මාධ්‍ය සාකච්චාවකදී ඇයගේ ජීවිත ගමන පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්.

157326077 3868735503186369 5429750115751708107 n

“මම මේ වන විට නිවේදන ක්ෂේත්‍රයේ අවුරුදු ගණනාවක ඉඳන් වැඩ කටයුතු කරගෙන යමින් සිටිනවා.ඇත්තටම වසර ගණනාවක් හොඳ නමක් දිනාගෙන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කර ගැනීමට ලැබීම මගේ වාසනාවක් කියලා තමයි මට හිතෙන්නේ.ඒ වගේම තමයි දක්ෂතාවයත් ඒ සඳහා ඉතාම වැදගත්.හැමදාම මම ආශ්‍රය කළේ හොඳ මිනිස්සුන්ව.එයාලා මට ලොකු සහයෝගයක් දෙනවා මේ ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන රැඳී සිටීමට.ඒ වගේම තමයි ජනතාවගේ ආදරයත් මට එදා ඉදන් අද වෙනකන් නොඅඩුවම ලැබෙනවා.

312008035 659964228831188 567538106857032292 n

මම ඇත්තටම දැන් ඉන්නෙ විවාහ වන වියේ වුණත් මට ඒ පිළිබඳව තියෙන්නෙ වෙනස්ම අදහසක්.සොක්‍රටීස් කියලා තියෙනවා ඔබට විවාහයේදී නරක පුද්ගලයෙක් මුණ ගැහුනොතින් ඔබට දාර්ශනිකයෙක් වෙන්න සිද්ධ වෙනවා කියලා.ඉතින් මං දාර්ශනිකයෙක් වෙන්න කැමති නැහැ.සමහර මිනිස්සු විවාහය නිසා නොමැරී ජීවත් වෙනවා මම දැකලා තියනවා.ඉතිං විවාහයක් සොයනවාට වඩා මට මාවම හොයාගන්න එක වැදගත් කියලා මට හිතෙනවා.” කියලා තමයි ඇය අවසාන වශයෙන් පවසා සිටියේ.ඉතින් ඇයගේ ඒ සරලකම හා නිහතමානීකම අගය කරන අතරම ඇයගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

310717519 650041109823500 2734315756226577822 n