උණුසුම් පුවත්
Search
buvini

“අපි දෙන්නා කතා කරද්දී අපේ හස්බන්ඩ්ලා දෙන්නටත් අඳුර ගන්න අමාරුයි” – බුවිනි චාපා දියලගොඩ

2335

වත්සලා දියලගොඩ සහ බුවිණි චාපා දියලගොඩ කියල කියන්නේ ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂී ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක්.

වසර ගණනාවකට ඉහතදී මෙරට කලා ක්ෂේත්‍රයත් සමගින් එක්වෙන මේ දෙදෙනා රංගන ශිල්පිනියන් දෙදෙනෙකු ලෙස කටයුතු කරමින් ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිකර ගන්නවා.

කොහොම වෙතත් ඔවුන් දෙදෙනාගේ වයස් පරතරය වසර 06ක් බවයි අපට දැනගන්නට ලැබුණේ. නමුත් මේ දෙන්නා දිහා බැලුවාම නම් අක්කා කවුද නංගී කවුද කියල අපට හොයා ගන්නට අමාරුයි.

image 514

මොකද ඒ තරමට වත්සලා සහ බුවිණි දෙදෙනා සුන්දර පෙනුමකට හිමිකම් කියනවා. ඇත්තෙන්ම ඔවුන් දෙදෙනාට තාමත් තිබෙන්නේ වයස අවුරුදු විසි පහක විතර සුන්දර පෙනුමක්.

ලංකාවේ කොයි කවුරුත් හදුනන රංගන ශිල්පිනියන් දෙදෙනෙකු වන මේ දෙදෙනා ගැන පහුගිය දවස්වල අපට සුවිශේෂ පුවත්පත් වාර්තාවක් දැකගන්නට ලැබුණා.

image 513

ඒ වත්සලාගේ නැගණිය බුවිණි සිය සහෝදරිය සමගින් පුංචි කාලයේ ගෙවුණු ජීවිතය ගැන කළ සුවිශේෂ අදහස් දැක්වීමකි. එහිදී ඇය කියල තිබුණේ අපේ පවුලේ සහෝදර සහෝදරියන් තුන්දෙනෙක් ඉන්නවා මායි අක්කයි මල්ලියි ඉන්නේ කියලයි.

image 518

ඒ වගේම වත්සලාට වඩා බුවිණි ටිකක් සැරයි, දඟයි කියන ඇය කියන්නේ අක්කා නම් චූටි කාලේ ඉදලා පොඩ්ඩක් ඇත්නම් අඩන්න බලාගෙන ඉන්නේ කියලයි.

image 512

හැබැයි මට ඕන දෙයක් වුනේ නැත්නම් මම කොහොම හරි ඒක කරගන්නවා, කියන ඇය පුංචිම කාලේ මට වඩා අක්කා ලොකු නිසා කවුරු වැරද්දක් කලත් අක්කව තමයි අන්තිමට අහුවෙන්නේ කියලයි පවසන්නේ.

ඒ විතරක් නොවෙයි කොච්චර රණ්ඩු උනත් ටික වෙලාවක් යද්දී අපි ආයෙත් හිටපු විදියටම යාලු වෙනවා කියන ඇය කියන්නේ ඉස්කෝලේ යනකොට මට කලින් අක්කා අවදි වෙලා ලැස්ති වෙලා යනවා කියලයි.

තවද අක්කා ගියාට පස්සේ තමයි අම්මා මට ඇහැරවන්නේ කියන ඇය තාත්තාත් එක්ක මම ඉස්කෝලේ යන්නේ කියලයි පවසන්නේ.

image 510

”මම නැඟිටිද්දි සමහර දවස්වලට අක්කා පේන්න නැහැ” කියන ඇය ”අක්කට නිවාඩු දවසට මටත් ඉස්කෝලේ යන්න කම්මැලියි ඉතින්… ගෙදර ඉන්න ඕනේ” කියලයි කියන්නේ.

තවද වත්සලා අක්කා පුංචි කාලේ ඉඳලාම කලාවට ගොඩක් ආස කරපු කෙනෙක් කියන ඇය ඉස්කෝලේ බාහිර වැඩසටන් දහයක් තිබුනොත් ඒ දහයටම එයා ඉන්නවා කියලයි පවසන්නේ.

image 511

ඒ වගේම දිනන්නේ නැති වුනත් තෑග්ගක් දුන්නේ නැත්නම් ඉටේජ් එකෙන් බහින්නේ නැහැ කියලයි ඇය කියන්නේ. එයාට අම්මා ගෙදරින් යද්දී තෑග්ගකුත් අරගෙනමයි යන්නේ කියලයි ඇය පවසන්නේ. කොහොම වෙතත් වත්සලා ක්ෂේත්‍රයට ඇවිල්ල ගොඩක් කාලෙකට පස්සෙයි බුවිණි රඟපාන්න එන්නේ.

image 509

එලෙස ඇය සිය අක්කා සමගින් ගෙවුණු ඒ කාලය ගැන සිහිපත් කරද්දී වත්සලාත් සිය නැගණිය ගැන අදහස් දැක්වීමට අමතක කලේ නැහැ.

ඉතින් සිය නැගණිය ගැන අදහස් දක්වමින් වත්සලා කියන්නේ ”අපි දෙන්නා අක්කයි නංගියි කියලා දැනගත්තම එක වගේමයි කියල හැමෝම කිව්වා” කියලයි.

image 519

”ඒ කාලේ මමත් ජනප්‍රිය තැනක හිටිය නිසාත් හොඳ ගමනක් ඇවිල්ලා තිබුණු නිසා බුවිණි ක්ෂේත්‍රය එන එක ගැන මට ප්‍රශ්නයක් තිබුනේ නැහැ” කියන ඇය කියන්නේ දෙන්නගේම රූපයත් එකවගේ කටහඬත් එකවගෙයි කියලයි.

image 520

තවද ”අපි දෙන්නා කතා කරද්දී සමහර වෙලාවට අපේ හස්බන්ඩ්ලා දෙන්නටත් අඳුර ගන්නත් අමාරුයි” කියන ඇය විවහා වුනත් වත්සලාගේ සහ බුවිනිගේ සහෝදර බැඳීම එදා වගේම අදත් එකවගේ තියනවා කියලයි කියන්නේ.

image 515
image 516
image 517
image 521
image 522
image 523
image 524



Leave a Reply

Your email address will not be published.