උණුසුම් පුවත්
Search
nilmini

“ආදරේ කරලා විවාහ වෙලා ගිහින් තව පිරිමියෙක්, ගෑනියෙක් නළවලා හුරතල් කරනවට වඩා දරුවා හුරතල් කරන එක හොඳයි” – නිල්මිණි කියූ සංවේදී කතාව

483

නිල්මිණි තෙන්නකෝන් කියන්නෙ රසිකයින් බොහෝම ආදරේ කරන ආදරණීය රංගන ශිල්පිනියක්. පුංචි තිරයේ ඇය මැවූ චරිත කිසිම දිනෙක කාටවත් අමතක කරන්න පුළුවන් චරිත නම් නෙවෙයි. අදටත් බොහෝ දෙනා ඇයට කතා කරන්නෙ ඒ නම් වලින්. සාමාන්‍ය ජීවිතේ බුදු දහමට ඉතා ළඟ, බොහෝම ආදරණීය ජීවිතයක් ගෙවන ඇගේ ජීවිතේම වෙලා ඉන්නෙ දියණිය ස්වේතා. රංගනයෙනුත් තරමක් ඈත් වෙලා රූපලාවන්‍ය සිය වෘත්තීය කරගනිමින් ඊට කැපවෙමින් දිවිගෙවන ඇය පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ කතාබහට එක්වෙමින් බොහෝම සංවේදී හෙළිදරව්වක් කළා.

image 296

මේ ඒ ගැනයි..

කාන්තාවක් දරුවෙක් එක්ක තනිවෙනවා? පිරිමියෙක්ට විවාහ වෙන්න පුළුවන් නැවත.. හැබැයි කාන්තාවකට ගොඩක් දේට මුහුණ දෙන්න වෙනවා….?

”මූණ දෙන්න වෙනවා සහ ගොඩක් හිතන්න වෙනවා. දහ පාරක් විතර හිතන්න වුවමනයි. ඒ වෙලාව ගැන නෙවෙයි. ඉදිරිය ගැන…. හැමෝම එහෙම නෑ. හොඳ අය ඉන්නවා මේ ලෝකේ, තමන්ගේ දරුවා වගේ බලාගන්න.

image 297

ඒ වුණාට මට කියන්න තේරෙන් නෑ, අපි දෙන්නෙක් එකතු වෙලානේ දරුවෙක් හදන්නෙ. එතකොට ඒ දරුවාගේ අම්මයි තාත්තායි දෙන්නම ඒ වහළ යට ඉන්නවා කියලයි මම හිතන්නෙ…. අපි ගිහිල්ලා තව පිරිමියෙක්, ගෑනියෙක් නළවලා හුරතල් කරනවට වැඩිය අපේ දරුවා හුරතල් කරන එක හොඳයි කියලා.

nilmi 1

ඉන්න බැරි නම් ඇත්තටම වෙන් වෙන්න ඔ්නි. දරුවාගේ යුතුකම් ඉටු කරන එක අම්මා තාත්තා දෙන්නටම වගකීමක් තියෙනවා…. මම දැකලා තියෙනවා, සමහරු වෙන් වෙලා ඉන්නවා. දරුවන්ගේ යුතුකම් ඒ ටූ ඉසෙඩ් ඉටු කරනවා. ඒක හරි ෂෝක්…. ඒකට මම කැමතියි. ….. ළමයා එක්ක සම්බන්ධය ගොඩ නඟාගන්න එක වටිනවා. මට නම් චුට්ටක් අමාරුයි. මොකද.. මම ආදරේ කරලා විවාහ වෙච්ච කෙනෙක්ව තව කෙනෙක්ට දෙන්න මට ලෝබයි…. කිසිම ගෑනියෙක් කැමති නෑ තමන්ගේ ස්වාමිපුරුෂයා කාටවත් දෙන්න. සමහර හස්බන්ස්ලාත් කැමති නෑ….

image 294

ඔබේ දියණියට ඔබ අම්මා වගේම තාත්තාත් වුණා ද?

”තාමත් එහෙමයි. අනේ මටනේ තනියම ඔක්කොම කරන්න වුණේ කියලා කියවන කෙනෙක් නෙවෙයි මම….. ඉන්න කෙනාට ඉන්න පුළුවන්, යන කෙනාට යන්න පුළුවන්. මම මගේ දුවට ගොඩක් ඇලිලා ඉන්නෙ….. මම ඉතා හොඳට ලස්සනට ජීවත් වෙන කෙනෙක්. හැබැයි මේ මොහොතේ දැන් ප්‍රශ්නයක් ආවත් විනාඩි පහෙන් අමතක කරන්න පුළුවන්. මට රංඩු කරන්න බෑ, තරහා ආවොත් අඬයි. අතක් පයක් උස්සලා ගහන්නත් බැරි කෙනෙක්….”

image 295