උණුසුම් පුවත්
Search
thrikala

”අපි දෙන්නා වෙනස් නිසා තමයි අපි දෙන්නගේ මේ පවුල් ජීවිතය සාර්ථක වෙලා තියෙන්නේ” – ත්‍රිකලා ධරණී

317

පරස්පර වුණ තරමට ජීවිතේ ලස්සන කර ගන්න පුලුවන් කියන්නේ වෙන කවුරුත් නෙමේ ඇය ත්‍රිකලා ධරණි…. ත්‍රිකලා ලංකාවෙ කොච්චර ප්‍රසිද්ධ චරිතයක් වුණත්, ඇගේ සැමියා කවදාවත් ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් ඇය වගේ කතා කරන කෙනෙක් නෙමෙයි…

ඉතින් මේ ගැන බොහෝ දෙනෙක්ට බොහෝ තැන්වල ගැටලු ඇති වෙලා තියෙනවා කියන එක ත්‍රිකලට මේ වෙද්දි තේරිලා…. ඒ නිසා ත්‍රිකලා එයාගේ හස්බන්ඩ් ගැන මෙන්න මේ විදිහෙ කතාවක් කිව්වා…

May be an image of 1 person and car

“මෙයා ගොඩක් සමාජෙත් එක්ක ඉන්න කැමැති කෙනෙක් නෙමෙයි ….මෙයා හරිම පාඩුවේ තමන්ගෙ දේ විතරක් කරගෙන ඉන්න කෙනෙක්. වාහනයක් වුණත් ගන්නෙ tint කරලා.. ඒ එයාට නිදහසේ ඉන්න ඕන නිසාත් එයාව කවුරුත් දකින්න ඕන නෑ කියලා එයා හිතන නිසාත් වෙන්න ඇති… කොහොම වුණත් මගේ සැමියා හරිම නිස්කලංක ජීවිතයක් ගත කරනවා…

May be an image of 2 people, beard, people smiling and text that says 'WP C 911'

මම ඊට වඩා ගොඩක් වෙනස් කෙනෙක්… මම කරන හැමදේම සමාජයට පෙන්නුවෙ නැති වුනත් මම කරන දේවල් වලින් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා මම ගොඩක් දේවල් හැමෝත් එක්කම බෙදා ගන්නවා….

ඉතින් අපි දෙන්න දෙවිදිහක්… කොහොම වුනත් මට කියන්න තියෙන්නෙ මෙන්න මෙහෙම කතාවක්, “building blocks වුනත් එක වගේ වුනොත් fit වෙන්නෑනේ… අපි දෙන්න වෙනස් නිසා තමයි අපි දෙන්නගේ මේ පවුල් ජීවිතය සාර්ථක වෙලා තියෙන්නේ.. අපිට පුළුවන් මේ වගේ තව ඉස්සරහට හොද ගමනක් යන්න…” ඇය ගොඩක් විශ්වාසයෙන් ඇගේ සැමියා ගැන කියූ කතාව තමයි මෙන්න මේ….

May be an image of 2 people and people smiling

May be an image of 1 person

No photo description available.

348