උණුසුම් පුවත්
Search
old

අධ්‍යාපනයේ 60 පැනපු අය සේවයේ තියාගත්තොත් වැඩ වරදීයි

68

වයස අවුරුදු 60 ඉක්මවන නිලධාරීන් තවදුරටත් එම තනතුරු වලම තබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින්ගේ වෘත්තීය සංගමය තීරණය කර තිබෙනවා.

මෙම වසර අවසානය වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණීයේ නිලධාරීන්ගේ සංඛ්‍යාව 300 ඉක්මවන බවත් එහෙයින් දැනට සිටින ඉහළ නිලධාරීන් විශ්‍රාම යාමෙන් පද්ධතියට කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් විතානගේ ඊයේ (18 වැනිදා) පැවසුවා.

විශ්‍රාම යන නිලධාරීන් කිහිප දෙනෙක් හෝ එම තනතුරු වල තබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණයට දැනට තනතුරු නොමැතිව සිටින ශ්‍රේණිධාරීහු දැඩි විරෝධය දක්වනවා.

අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීහු 219 දෙනෙක් පළමු ශ්‍රේණියේ තනතුරු නොමැතිව සිටින බවත් එවන් තත්ත්වයක් තිබිය දී තවදුරටත් ඔවුන් සේවයේ තබා ගැනීම තමන්ට කරන බලවත් අසාධාරණයක් බවත් ඔවුහු පවසනවා.

විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමත් සමග ජ්‍යෙෂ්ඨ නිලධාරීහු 20,000ක් පමණ විශ්‍රාම යන අතර එහිදී වැඩිම බලපෑමක් සිදු වන්නේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්ට බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙඅවා.

නිලන්ත මදුරාවල

Source – Aruna