උණුසුම් පුවත්
Search
kareena

කරීනා කපූර් තෙවන වරටත් මව් පදවියට

1231

මේ වන විට දෙදරු මවක් වන බොලිවුඩ් සිනමා තාරකාවක් වන කරීනා කපූර් නැවත වරක් ගැබ් ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මීට දින කිහිපයකට පෙර ඇය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී සිය සැමියා වූ සායිෆ් අලි ඛාන් සමගින් ඉන්දියා – එංගලන්ත එක්දින තරගයක් නරඹමින් සිටින අතරතුර ඇය ගත් ඡායාරූපයක් හරහා මෙය නිගමනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

image 600

කෙසේ වෙතත්, කරිනා මෙන්ම සායිෆ් ද මෙතෙක් මේ බව ප්‍රසිද්ධ කර නොමැති බැවින් මේ ගැන බොහෝ දෙනා අතර කසුකුසුවක් හටගෙන ඇත.

image 601

එක්දින තරගය නරඹන්නට පැමිණ සිටි ඉන්දීය ජාතිකයින් කිහිප දෙනෙකුම කරිනාගේ මෙම ස්වරූපයේ වෙනස දැක ඒ බව සිය සමාජ පිටුවල පළ කර ඇත්තේ කරිනා නැවත වරක් ගැබ්ගෙන ඇති බවට ඔප්පු කරමිනි.

image 603
image 597
image 598
image 599



Leave a Reply

Your email address will not be published.