උණුසුම් පුවත්
Search
indika

”ඇඟ මහත් වෙද්දී කටහඬ වෙනස් වෙනවා” – කටහඬ ලස්සනට තියාගන්න රහස ඉන්දිකා උපමාලි හෙළිකරයි

162

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කරන ඉන්දිකා උපමාලි එක්තරා අවස්ථාවකදී රංගන ශිල්පිනියක් වශයෙනුත් තවත් අවස්ථාවකදී ගායිකාවක් විදිහටත් ජනතාව අතරට ආවා. රංගන ශිල්පිනියක් විදිහට මේ දිනවල නං ඇයව වැඩි වශයෙන් පුංචි තිරයෙන් දැක බලාගන්න අවස්ථාව ලැබෙන්නේ නැති තරම්. නමුත් ගායිකාවක් විදිහට ඇය තමන්ගේ සංගීත වැඩකටයුතු ටික පිළිවෙලට කරගෙන යනවා කියලත් සඳහන් වෙනවා.

7 6

ceylon24x7

සාමාන්‍යයෙන් කලාකාරිනියක් වුවහොත් ක්ෂේත්රය තුළ රැඳෙන්න ඒ වගේම ජනතාව ප්‍රිය කරන කෙනෙක් වෙන්න දක්ෂතාවය වගේම තරමක හෝ බාහිර ස්වරූපය කියන දේත් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසාම බොහෝ කලාකරුවන් තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන ඒ වගේම බාහිර ස්වරූපය ගැන අවදානමෙන් ඉන්නවා. ගායන ක්ෂේත්‍රය තුළ රැඳෙන්න ලස්සන කියන දේ වැදගත්ද කියලා අහපු අවස්ථාවක මේ සුන්දර ගායිකාව සඳහන් කළේ මේ වගේ දෙයක්.

image 310

ceylon24x7

“ක්ෂේත්‍රයේ නමක් දිනාගන්න දක්ෂතාවය වැදගත් නමුත් කටහඬ රිද්මය වගේම ඇගේ හැඩය ක්‍රමානුකූලව තියාගන්න ගායිකාවකට අත්‍යවශ්‍ය දෙයක්. කෙට්ටු ඇගකට පිළිවෙලකට කටහඬ නිවැරදිව උත්පාදනය කරන්න ආයාසයක් දරන්න ඕනි නැහැ…. නමුත් ශරීරය මහත් වෙන්න මහත් වෙන්න කටහඬ බේස් එක වෙනස් වෙනවා… ඒ නිසා ලස්සන ඇගක් තියාගන්න මම නිරන්තරයෙන්ම වෙහෙසනවා…”

image 311

ceylon24x7

කලාකාරිනියක් විදියට තමන්ගෙ ශරීර සෞඛ්‍යය ගැන හිතන ඇය සෑම අවස්ථාවකදීම යෝගා ව්‍යායාම වලත් නිරත වෙනවලු. ඒ වගේම ඒ සඳහා නියමිත කාල වකවානුවකුත් ඇය වෙන් කරගෙන තමයි දෛනික වැඩකටයුතු ආරම්භ කරන්නේ. ඒ වගේම දරුවෝ එක්ක ප්‍රාසාංගික පුහුණුවීම් වල යෙදෙන ඉන්දිකා උපමාලි මේ ක්‍රියාකාරකම් නිසා ශරීර හැඩය නිරන්තරයෙන්ම ආරක්ෂා කර ගන්නත් හැකියාව තියෙනවා කියලා සඳහන් කළා.

image 312

ceylon24x7

“හැමදාම මම නාලා පිරිසිදු වෙනවා… යෝග ව්‍යායාම වලින් පුද්ගලයෙකුගේ ආත්මය ආත්මය සුවපත් වෙනවා. මනසින් නිදහසක් ලබද්දි බාහිරින් අපි නොදැනුවත්ව ලස්සන වෙනව… දෛනිකව කිසිම ආලේපනයක් භාවිතා කරන්නේ නැහැ.. කැමති කෑම බීමත් කනවා බොනවා, මහත් වෙයි කියලා කෑම බීම මම කවදාවත් පාලනය කරන්නේ නැහැ…. මම කවදාවත් ඇහිබැමි සැකසීම පේෂල් කිරීම ආදී දේවල් පස්සේ යන්නේ නැහැ. එලියට යද්දි ගැලපෙන විදිහට මේකප් කරනවා”

ඇය ඒ වගේ පිළිවෙත් කිහිපයක් තමයි ශරීර සෞඛ්‍යය නිරෝගිව තියාගන්න අනුගමනය කරන්නේ කියලා තමයි ඇය සඳහන් කරන්නේ.

image 309

ceylon24x7

image 313

ceylon24x7

image 314

ceylon24x7




Leave a Reply

Your email address will not be published.