ඉන්දීය ණය ආධාර යටතේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා හිමි වූ අමෙරිකානු ඩොලර් මිලියන 500න් මිලියන 50ක් වියළි මිරිස් ගෙන්වීම සඳහා එක් පුද්ගලයෙකුට පමණක් ලබා දී ඇති බවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි ලේකම් කේ. ඉලෙමනාදන් කියා සිටියේ, මසකට අවශ්‍ය වියළි මිරිස් පරිභෝජනය මෙටි්රක් ටොන් 3000ක් බවයි.
මේ අනුව, මුදල් අමාත්‍යාංශය ටොන් 2000ක් ආනයනය කිරීම සඳහා එක් පුද්ගලයෙකුට අවසර ලබාදීමෙන් අනෙකුත් ආනයනකරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බව ඔහු ප්‍රකාශ කළා.