උණුසුම් පුවත්
Search
monkeypox

ඉන්දියාවෙනුත් පළමු මන්කිපොක්ස් රෝගියා වාර්තා වෙයි

60

ඉන්දියාවෙන් පළමු වරට මන්කිපොක්ස් රෝගය වැළඳුණු පුද්ගලයෙකු හඳුනා ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් මෙම රෝගියා හඳුනාගෙන ඇති බවයි.

අදාළ රෝගියා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ජූලි 12 වන දින දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ආපසු පැමිණ ඇති අතර ඔහු 35 හැවිරිදි පුද්ගලයෙකු බව කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් ප්‍රකාශ කර ඇත.

ඇය සඳහන් කර ඇත්තේ, විදේශගතව සිට පැමිණි අදාළ පුද්ගලයා මන්කිපොක්ස් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කේරළයේ රෝහලකට ඇතුළත් කළ බවය.

පවුලේ සාමාජිකයන්, කුලී රථ රියැදුරෙකු සහ ගුවන් යානයේ රෝගියාට සමීපව වාඩි වී සිටි මගීන් ඇතුළු ඔහුගේ සමීප සම්බන්ධතා පැවැත් වූ 11 දෙනෙකු බලධාරීන් හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.




Leave a Reply

Your email address will not be published.