උණුසුම් පුවත්
Search
cheeta

ඉන්දියාව වඳව ගිය චීටාවන් යළිත් හඳුන්වා දෙයි

214

වසර 70කට පෙර ඉන්දියාවෙන් වඳ වී ගිය ව්‍යාඝ්‍ර පවුලට අයත් කැලෑ සත්ත්ව විශේෂයක් වන ‘චීටා’ සත්ත්වයන් එළඹෙන අගෝස්තු මස නැවත එරටට හඳුන්වා දීමට එරට රජය තීරණය කර තිබෙනවා.

දැනට ගොඩබිම වාසය කරන වේගවත්ම සත්ත්වයා ලෙස සැලකෙන චීටා සතුන් 08 දෙනෙකු ලබන අගෝස්තු මාසයේදී ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් නැමීබියාවේ සිට ගෙන්වා ගැනීමට මේ යටතේ සැලසුම් කර ඇති බව ඉන්දීය පරිසර ඇමැති බුපෙන්ද්‍ර යාදෙව් පවසයි.

ඉන්දියාවෙන් චීටා සතුන් වඳ වී ගොස් ඇත්තේ 1952 වසරේදීය.

ඉන්දීය බලධාරීහු ඉකුත් වසර 02ක කාලයේදී මෙම චීටා සතුන් නැමීබියාවේ සිට ඉන්දියාවට ප්‍රවාහනය කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් සිට ඇති අතර 2020 වසරේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දු කර ඇත්තේ මෙම සතුන් නැවත හඳුන්වා දිය යුත්තේ ප්‍රවේසමෙන් තෝරා ගනු ලැබූ ප්‍රදේශයකට බවයි.

පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය මගින් වඳ වී යෑමේ අවදානමකට ලක්ව සිටින සත්ත්ව විශේෂයක් සේ හඳුන්වා දී ඇති චීටාවරුන්ට පැයකට සැතපුම් 70ක (කිලෝ මීටර් 113ක) වේගයෙන් දිවීමේ හැකියාවක් ඇති බව හෙළි වී තිබේ.

දැනට ලොව වැඩිම චීටා ජනගහනයක් සිටින රටක් වශයෙන් සැලකෙන නැමිබියාවෙන් ඉන්දියාවට ලැබෙන මුල්ම චීටා සත්ත්වයන් පිරිස මුදා හැරීම සඳහා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘කුනෝපල්පුර්’ ජාතික උද්‍යානය මේ වන විට තෝරාගෙන ඇති බව ඉන්දීය පරිසර ඇමැතිවරයා පවසා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *