උණුසුම් පුවත්
Search
india plastic

ඉන්දියාවේ ප්ලාස්ටික් තහනමක්

370

දිනෙන් දින උග්‍ර වන පරිසර දූෂණය අවම කිරීමේ ක්‍රියා මාර්ගයක් ලෙස, එක් වරක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් සදහා තහංචි පැනවීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, සිගරට් පැකට්ටුවේ සිට, ප්ලාස්ටික් බෝතල් දක්වා පමණක් නොව පිදුරු ගිනි තැබීම දක්වා ද තහංචි පැනවෙනු ඇති.

ඉන්දියාවේ ගොවීන් අස්වැන්න වැඩි කර ගැනීමට මහා පරිමාණයෙන් පිදුරු ගිනි තැබීම සිදු කරන අතර මෙය එරට වායු දූෂණය ඉහළ දැමීමට හේතුවක් වී ඇත.

තහනම් කළ ප්ලාස්ටික් ද්‍රව්‍ය අතර බීම බට, ප්ලාස්ටික් හැදි, ගෑරුප්පු, කෝප්ප, පිගන් ආදිය ද ඇතුළත් වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පරිසරයට අහිතකර ආකාරයේ ප්ලාස්ටික් ද්‍රව්‍ය 19ක් හදුනා ගෙන ඇති බවත් පළමු අදියර යටතේ එම ද්‍රව්‍ය 19 තහනම් කරන බවත් අග්‍රාමාත්‍ය මෝදි නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.

(රොයිටර්)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *