උණුසුම් පුවත්
Search
india harvest

ඉන්දියාව තිරිඟු පිටි අපනයනය තහනම් කළ බව නිවේදනය කරයි

179

අඩු නිෂ්පාදනය මත ඉල්ලුමට සරිලන සැපයුමක් සිදුකිරීමට අසීරු වීම හේතුවෙන් ඉන්දියාව තිරිඟු පිටි අපනයනය කිරීම තහනම් කර තිබෙනවා.

ඉන්දියාව විසින් තිරිඟු පිටි අපනයනය තහනම් කරන බවට නිවේදනය කිරීමත් සමගම ලෝක වෙළඳපළේ තිරිඟු පිටි මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තහනම පිළිබඳව නිවේදනය කිරීමත් සමගම අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ තිරිඟු දර්ශකය සියයට 5.9කින් ඉහළ ගොස් ඇති අතර එය මාස 02ක කාලයක් තුළ එම දර්ශකය මෙතරම් ප්‍රතිශතයකින් ඉහළ ගිය ප්‍රථම අවස්ථාව සේ සැලකේ.

උතුරු ඉන්දියාවේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් තිරිඟු අස්වැන්න විනාශ වී යාමත් යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යෑමත් නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබීමෙන් රට තුළ තිරිඟු පිටි මිල වාර්තාගත අයුරින් මේ වන විට ඉහළ ගොස් තිබේ.

දේශීය තිරිඟු පිටි මිල ඉහළ යෑමත් සමගම ඉන්දියාවේ පාන්, කේක්, පේස්ටි ඇතුළු බේකරි නිෂ්පාදන සෑම එකකම පාහේ මිල ගණන් ඉහළ ගොස් ඇත.

තිරිඟු පිටි අපනයනය තහනම් කළ ද ආහාර හිඟයකට මුහුණ පා ඇති රටවලට හා දැනටමත් තිරිඟු පිටි සැපයීමට අදාළ ලේඛන සපයා ඇති රටවලට තිරිඟු පිටි අපනයනය කිරීම සිදු කරන බව ඉන්දීය බලධාරීන් සඳහන් කර ඇත.




Leave a Reply

Your email address will not be published.