උණුසුම් පුවත්
Search
Untitled design 47

දෙවෙනි ඉනිමේ Co-producerගේ හිත උස්සපු නැට්ටුක්කාර කෙල්ල හිරුෂි පෙරේරා

238

දෙරණ අවුරුදු කුමරිය තරගය කියන්න කලා ලොකයට නවකයින් රාශියක් බිහිකරපු තැනක්. අපි අද කතා කරන ශිල්පිනිය බිහිවන්නේත් දෙරණ අවුරුදු කුමරිය ජයග්‍රහණය කිරිම හරහාය. ඇය තමයි නර්තනයට උපන් හපන් හිරුෂි පෙරේරා. ඉස්කෝලේ ටෙලි නාට්‍ය හරහා අනගි ගේ චරිතය තුළින් ඔබ හමුවට එන ඇය පුංචි තිරයේ තාරකාව්‍ යක්.

272108817 261559952704198 8717141896227162989 n

දෙවෙනි ඉනිමෙ තමිරාගෙ චරිතය සිය ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් කරගත්තු ඇය මුළු ලංකාවම ජනප්‍රිය ශිල්පිනියක් බවට පත්වුනා. නිළියක් වෙන්ඩ හීනෙකින්වත් හිතපු නැති ඇය. මේ වන විට වෘත්තීය ජීවිතයේ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. කැළණිය විශ්ව විද්‍යාලය බාහිර උපාධි අපේක්ෂිකාවක් විදිහට නාට්‍ය හා රංග කලාව හදාරනවා.

300973223 402882028571989 3352217406736250704 n

කාලයක් ඇයගෙන් ඕපාදූප කතාවක් පැතිර ගියා ලොකු කෙනෙකු සමග විවාහ වෙන්ඩ යනවා කියලා. ඒ බව පසක් කරමින් ඇය මෑතකදී ප්‍රකාශ කර තිබුණේ දෙවෙනි ඉනිම හා සංගීතයෙ සම අධ්‍යක්ෂකවරයා සැමියා වන බවයි. ඔවුන්ගේ විවාහය ලබන වසරේ සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා. ඉතින් ඔහුගේ නම දැම්ම කිව්වොත් අගයක් නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඔහුත් කලා ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් නිසා ඇයව හොඳින් තේරුම් අරන්ලු ඉන්නෙ. ඒ නිසා විවාහ වුණාට පස්සෙ රඟපාන එක ගැන කිසිම ගැටලුවක් නැහැ කියලත් ඇය කියනවා.

කලා කටයුතු සාර්ථකව කර ගැනීම හිරුෂිට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමු. සුන්දර ජිවිතයකට ආසිරි පතනවා

309843130 188586013680013 7555666366601169655 n