සුලේකා ජයවර්ධන කියලා කියන්නේ කාලයක් රිදී තිරයත් පුංචි තිරයත් හැඩ කළ යොවුන් පරපුරේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඇය කරළියට පිවිසෙන්නේ රෑන ටෙලි නාට්‍ය ඔස්සේයි.එම ටෙලි නාට්‍ය ඔස්සේ අතිශය ජනාදරයට පත්වූ ඇය ඉන්පසු ටෙලි නාට්‍ය කිහිපයකම රංගනයෙන් දායක වුණා .කාලයක් ඇයව අපිට පුංචි තිරයේ දකින්නට නොලැබුනත් ඇය මේ වන විට ඉතා සාර්ථක ජීවිතයක් ගත කරන බව නම් අපට දකින්න පුළුවන්.ඇය විවාහ වී සිටින්නේ මෙරට ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟයි.මේ වෙනවිට පුංචි සිඟිත්තෙකුගේ ආදරණීය මවක් වන ඇය මාධ්‍ය සාකච්ඡාවක දී ඇගේ නවතම තොරතුරු ගෙනහැර දැක්වූයේ මේ අයුරින්.

“ඇත්තටම මම රංගනයෙන් ඉවත් වුණේ විවාහය නිසා නම් නෙවෙයි.මොකද මගේ මහත්තයා උපරිම නිදහස දීලා තියෙන්නේ මගේ තීරණ වලට.එය හරිම කාර්යබහුල ව්‍යාපාරිකයෙක්.ඉතින් එයාට ඒ වැඩ කටයුතු තනියම කරගන්නවට වඩා මමත් ඒකට සහයෝගය දෙන එක වටිනව කියල හිතුනා.ඒ නිසාම තමයි එයාගෙ ව්‍යාපාර කටයුතු වලට එයාට සහයක් දෙන්න හිතුවේ.මම ඇත්තටම රංගනයෙන් ඉවත් වෙලා නැහැ.තාවකාලිකව තමයි වැඩකටයුතු නතර කළේ .අදටත් මට හොඳ පිටපතක් ලැබුණොත් මම බාර ගන්නවා.

මේ දවස් වල නම් මගේ දරුවත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.ඇත්තටම එයාව මගේ අතට ලැබුනහම මට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සතුටක් දැනුනේ.මම දැන් සම්පූර්ණ ගැහැණියක් කියන දේ මට එයාව ලැබුනහම දැනුනා.මගේ මහත්තයා කොච්චර කාර්යබහුල වුණත් මායි දරුවයි ගැන බලන්න කාලය වෙන් කරගන්නවා.ඒ අතින් මම හරි ම හරි වාසනාවන්ත බිරිඳක්.

ඇත්තටම මම මේ දේත් කියන්න ඕනේ.ලංකාවේ ඉන්නේ තව කෙනෙක් ඉස්සරහට යනවට අකමැති මිනිස්සු.මූනට හොඳට හිනා වෙලා කතා බහ කරලා පස්සෙන් අනින ජාතියේ කට්ටිය තමයි ලංකාවේ බහුතරයක් ඉන්නේ.මම මගේ කාලයෙන් වැඩි කොටසක් ගත කළේ පිටරට.ඉතිං මං දකින විදිහට පිට රටවල් වලට වඩා ලංකාව කියන්නේ ගොඩක්ම වෙනස් ආකල්ප තියෙන මිනිස්සු.ඒව ඉතිං අපිට වෙනස් කරන්න බැහැ.සමහර අයට අපි අඳින ඇඳුම් පවා වැරදියි.ඒවා ගැන දකිද්දි නම් තියෙන්නෙ කළකිරීමක්.” යනුවෙන් තමයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.
සුලේඛා ජයවර්ධන කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය සුරූපී නිළියක්.ඉතිං ඇයගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වේවා කියලා පතන ගමන්ම ඇගේ සුන්දර ඡායාරූප පෙලක් ඔබවෙත මෙසේ ගෙන යනවා.
