උණුසුම් පුවත්
Search
dinesh 1 1

”සෙංකඩගල නුවරට…. සිංදුව කියන කියන තැනට වහිනවා” – දිනේෂ් ගමගේ

408

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ මෑතකදී වැඩි වශයෙන් කතාබහට ලක්වෙන කෙනෙක් තමයි ජනප්‍රිය ගායක දිනේෂ් ගමගේ කියන්නේ. ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි දිනේෂ් දැනෙනා තුරු මා, වැහි බිදු, වෙරළු මල්, මං තනිවම වැනි ගීත ගණනාවක් ප්‍රේක්ෂකයාට අහන්න ලබාදුන්නා.

May be an image of 2 people, footwear and outdoors

ජනප්‍රිය ගායක දිනේෂ් ගමගේගේ ආදරවන්තිය ගැන කවුරුත් දන්නවා. ජනප්‍රිය කලා පවුලක් වන ප්‍රියසාද් පවුලේ පොඩිම දුව ශනුද්‍රි සමගින් තමයි දිනේෂ් සිය ආදර කතාවක් පටන් අරන් තියෙන්නේ.

May be an image of 1 person and standing

ඉතින් දිනේෂ් කීයන්නේ නුවරඑළියේ සාමාන්‍ය පවුලක ජීවත් වෙලා නුවරඑළියෙ ඉදලා කොළඹ ඇවිත් අද වෙන විට සංගීතය අතින් හොද නමක් ලංකාවේ හදා ගත්ත කෙනෙක්. ඉතින් ඔහු මුලින්ම පාසල් යන කාලේ නම් ගීත ගායන කරලා තියෙන්නේ ගෑණු ළමයෙක්ම යාලු කරගන්න කියලයි දිනේෂ් කියලා තිබුණේ. ඉතින් ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඔහුගේ ගීතයක් ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

May be an image of 2 people, people sitting and outdoors

”සෙංකඩගල නුවරට වහින වැස්ස ගීතය කියන එළිදක්වපු දවසේ නුවරට වැස්සා. ඊට පස්සේ කොළඹ ශෝ එකකදි මම කියන්න හිටියෙත් නැතුව ප්‍රෙක්ෂකයන්ගේ ඉල්ලීමට මේ සිංදුවෙ පේළි දෙකයි කිව්වේ වහින්න ගත්තා….. මේ ළගදි මමයි කයිසරුයි මොනරාගල ගියා. හොදටම ඉඩෝරේ. ඒත් සිංදුව කියපු ගමන් වැස්සා….”

May be an image of 1 person, footwear and outdoors